Home » ශිව දෙවියන්ගේ අපමණ ආකර්ෂණය ඔබට ගෙනෙන රුද්‍රාක්ෂ

ශිව දෙවියන්ගේ අපමණ ආකර්ෂණය ඔබට ගෙනෙන රුද්‍රාක්ෂ

by Mahesh Lakehouse
November 4, 2023 12:30 am 0 comment

– ඊශ්වර සහ තත් පුරුෂාය මන්ත්‍රවලින් 48 වර බැගින් ද ශාන්ති මන්ත්‍රයෙන් 21වරක් ද ජීවම් කර ගැනීමෙන් උපරිම ප්‍රතිඵල 
– රුද්‍රාක්ෂ ජීවම් කරන ඊශ්වර මන්ත්‍රය මෙන්න

සිළුමිණ ඉසිවර පාඨක ඔබ වෙත මෙතෙක් ප්‍රසිද්ධ මාධ්‍යකින් ප්‍රමාණවත් ලෙස සාකච්ඡා නොවූ උතුම් ශාන්තියක් පිළිබඳව මෙවර කරුණු ඉදිරිපත් කිරීමට අදහස් කළෙමු. ජීවිතයට ඇතිවන අපල පීඩා සහ අනේකවිධ කරදර බාධක දුරු කර ගැනීම සඳහා විවිධ වර්ගයේ මැණික් පැලඳවීම සිදු කරයි. ඇතැමුන් කිසිම වටිනාකමක් හෝ ගුණයක් නැති ගල් වර්ග පැලඳ සිටින අයුරු දක්නට ඇත. මිනිසුන් නොමඟ යවා විශාල වශයෙන් එවැනි ජාවාරම් කළ උදවිය ශාපයන්ට ගොදුරු වී පිරිහී ගිය අයුරු පාඨක ඔබට සිහිපත් කළ යුතු නොවේ.

මෙවර ඉසිවර පාඨක පින්වත් ඔබට මා ඉදිරිපත් කරන අපමණ ගුණ දෙන රුද්‍රාක්ෂ පිළිබඳව කරුණු ඉතා මැනැවින් අධ්‍යයනය කර මෙම උතුම් ආරක්ෂාව ඔබේ සෞභාග්‍යය උදෙසා ඇති කර ගැනීමට කටයුතු කර ගන්න. පුරාණ සෘෂිවරු සහ ජ්‍යොතිෂඥයන් විසින් හඳුන්වා දෙනු ලබන උතුම් බීජය මෙම රුද්‍රාක්ෂ බීජයයි.

නූතන විද්‍යාවේ ද මෙම රුද්‍රාක්ෂ බීජය පිළිබඳ හඳුන්වා දී ඇත. විශාල ගස්වල හටගන්නා මෙම රුද්‍රාක්ෂ බීජය වටේ නිල් පාට පොත්තක් ඇත. රුද්‍රාක්ෂ බීජ වර්ග තුනක් ඇති අතර, නවගුණ වැලට යොදාගන්නා කුඩා රුද්‍රාක්ෂ, මධ්‍යම ප්‍රමාණයේ රුද්‍රාක්ෂ සහ සෙන්ටිමීටර් දෙකක් පමණ විශාල බීජයන්ය. අධික රුධිර පීඩනය, හෘද රෝග, දියවැඩියාව, ඇදුම, උමතු බව වැනි රෝග පීඩා සුවවීමට මෙම රුද්‍රාක්ෂ ප්‍රයෝජනවත් වන බව සඳහන් වේ. ඒ අතර රුද්‍රාක්ෂ පැලඳීමෙන් කුණ්ඩලනී ශක්තිය සහ විශ්ව ශක්තිය ලැබෙන අතර, අමනුෂ්‍ය බය දුරු වීමටත් අකල් මරණ වැළකීමටත් මෝක්ෂය සාක්ෂාත් කර ගැනීමටත් හැකි බව පුරාණ සෘෂිවරුන්ගේ මතයයි.

ශිව පුරාණය – ලිංග පුරාණය – පදම් පුරාණය වැනි පුරාණ වේද ග්‍රන්ථවල සඳහන් වන පරිදි රුද්‍රාක්ෂ මහා ශිව දෙවියන්ගෙන් මනුෂ්‍යයාට ලැබුණ දායාදයකි. මහා රුද්‍රාක්ෂ බීජය පිළිබඳ කරුණු සඳහන් කිරීමේදී පොත් ගණන් කරුණු ලිවිය හැකිය. මෙම ලිපිය දීර්ඝ නොකර අවශ්‍ය පිරිසට ඒ පිළිබඳ කරුණු මාගෙන් ලබාගත හැකි බවද සිහිපත් කරුනු කැමැත්තෙමි.

ඔබ සතුව මෙම උතුම් රුද්‍රාක්ෂ බීජයක් තිබේ නම් එය නිසි පරිදි බල පිහිටුවා පැලඳ ගැනීම හෝ වතාවත් කරන ස්ථානයක තැන්පත් කර තිබීම තුළින් මහා ශිව දෙවියන්ගේ (ඊශ්වර) ආකර්ෂණය ලැබී අපමණ ආරක්ෂාව සහ සෞභාග්‍යය ලබාගත හැකිය. රුද්‍රාක්ෂ බීජය පිරිසිදු එළකිරි බඳුනක දමා සෝදා පිරිසිදු කර වන මල් බඳුනක තබා ශිව දෙවියන්ගේ ආකර්ෂණය ලැබේවා යන අධිෂ්ඨානයෙන් පන්සිල් සමාදන්ව තෙරුවන් වන්දනා කර මෙම ඊශ්වර මන්ත්‍රයෙන් 48 වාරයක් ජීවම් කරන්න. ඉන් පසු මෙහි සඳහන් තත් පුරුෂාය මන්ත්‍රයෙන් ද 48 වාරයක් ජීවම් බල පිහිටුවා ගත යුතුය.

ඉන් පසු මෙම ශාන්ති මන්ත්‍රය 21 වාරයක් ජීවම් බල පිහිටුවාගෙන මෙම රුද්‍රාක්ෂ බීජ ගෙල පැලඳ ගැනීම හෝ සුදුසු ස්ථානයක තැන්පත් කර ගන්න. මෙම බීජය ස්පර්ශ කරන සෑම මොහොතකම “ඕං නමඃ ශිවාය” යන වැකිය හැකි වාර ගණනාවක් සිහිපත් කරන්න. ඔබට අපමණ ජීව බලයක් සහ ප්‍රබෝධයක් ලැබෙනු නිසැකය.

ඊශ්වර මන්ත්‍රය

ඕම් ඊශානහ්.
සර්ව විද්‍යා නම් ඊශ්වර්,
සර්ව භූතානාම් බ්‍රහ්මාධිපති,
බ්‍රහ්මණාධිපති බ්‍රහ්ම ශිවෝමෙ
අස්තු සදා ශිවොම්.
(ජීවම 48 වරයි)

තත් පුරුෂාය මන්ත්‍රය

ඕම් තත් පුරුෂායෝ විද්මහේ,
මහා දේවාය ධීමහී,
තන්නො රුද්‍රාහ් ප්‍රචෝදයාත්.
(ජීවම 48 වරයි)

ශාන්ති මන්ත්‍රය

ඕම් පූර්ණ වද පූර්ණ මිදම්
පූර්ණකත් පූර්ණ මූද්‍යාචිතේ
පූර්ණස්‍ය පූර්ණ මදය පූර්ණ මේවය ශිෂ්‍යතේ.
ඕම් ශාන්ති,
ඕම් ශාන්ති,
ඕම් ශාන්ති.
(ජීවම 21 වරයි)

වාරියපොළ කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරී නේපාලයේ ලුම්බිණි නුවර නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති සම්මානිත ආචාර්ය පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන හිමි 
(කොළඹගම පොඩි හාමුදුරුවෝ)

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division