Home » මොරවිවල විහාරස්ථානය විවෘත කෙරේ

මොරවිවල විහාරස්ථානය විවෘත කෙරේ

by Mahesh Lakehouse
October 28, 2023 12:30 am 0 comment

රත්නපුර ඕපනායක. හුණුවල, මොරවිවල ග්‍රාමයේ පෞරාණික බෝධීන් වහන්සේ වැඩ සිටින භූමියෙහි අභිනවයෙන් ඉදිකරන ලද විහාරස්ථානය සැදැහැවතුන්ගේ ආගමික කටයුතු වෙනුවෙන් විවෘත කිරීම පසුගියදා සිදු කෙරිණි.

නාරාහේන්පිට ශ්‍රී ශාරිපුත්‍ර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ කලාශූරී, විචිත්‍ර පරිත්ත භානක බස්නාගොඩ විමලරතන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 101 වන ජන්ම දිනය නිමිති කරගනිමිනි.

ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ගාලු සහ බස්නාහිර දෙපළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක, ශාසන කීර්ති ශ්‍රී කලාශූරී රත්නපුරයේ නන්ද නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා හා මඟපෙන්වීම පරිදි, ඔඩීලියා සමූහ ව්‍යාපාරයේ සභාපති රෝහිත අබේගුණරත්න සහ දිපානී අබේගුණරත්නගේ ධන පරිත්‍යාගයෙන් මෙම විහාරස්ථානයේ ඉදිකිරීම් සිදු කර තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division