කොළඹ නගරය ආශ්‍රිතව ඇති ජනාකීර්ණම දුම්රිය ස්ථානයක් වන බම්බලපිටිය දුම්රිය ස්ථානයේ මගී ගුවන් පාලමේ පවතින අවදානම් තත්ත්වය මාධ්‍ය ඔස්සේ පෙන්වා දීමෙන් අනතුරුව ජනාධිපතිතුමා විසින් ලබාදුන් උපදෙස් අනුව අබලන් පාලම වෙනුවට නව පාලමක් ඉදිකරන තුරු එම ස්ථානයේ ඉදිකරන ලද තාවකාලික මගී ගුවන් පාලම ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගි වූ ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් සාම්ප්‍රදායික විවෘත කිරීමේ උත්සවය වෙනුවට එහිදී කාර්ය මණ්ඩලය ඇගැයීමට ලක් කළ අතර එම පාලමේ ඉදිකිරීම් සිදුකළ රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ සේවකයන් දෙදෙනකුට එම විවෘත කිරීම සිදු කරන ලෙස ඇමැතිවරයා විසින් ආරාධනා කරන ලදි. එම අවස්ථාවට ඇමැතිවරයාට අමතරව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව් ඒ. ඩ.ී එස්. ගුණසිංහ, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව සභාපති ඉංජිනේරු කුෂාන් දේවින්ද ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
බම්බලපිටිය දුම්රිය පාලම සේවකයන් අතින් විවෘත කෙරේ
777
previous post