Home » ඕනෑම ඡන්දයකට අපි සූදානම්

ඕනෑම ඡන්දයකට අපි සූදානම්

ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල් කාන්ත

by Mahesh Lakehouse
October 28, 2023 12:32 am 0 comment

රටේ ආර්ථිකය හැදීමේ පළමු පියවර දේශපාලන පෙරළියක් බවත් එය කළ යුත්තේ ජනතාව සම්බන්ධ කරගෙන ඔවුන් ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත්කරගෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත සිළුමිණට ප්‍රකාශ කළේය.

ජාතික ජනබලවේගය ජයග්‍රාහී මැතිවරණයකට සුදානම් බවත් ජනාධිපතිවරණය පැවැත්වුවහොත් එම පක්ෂය ජයගන්නා බවට නියත විශ්වාසයක් ඇති බව ද හෙතෙම අවධාරණය කළේය. ජාතික ජනබලවේගයේ විධායක සභිකයතු සහ ජාතික වෘත්තීය මධ්‍යස්ථානයේ සභාපති වශයෙන් ද ඔහු කටයුතු කරයි.

ආණ්ඩුව සිය පාර්ශ්වකරුවන් සමඟ විරසක බවට ගෙන යන ප්‍රචාර ජනතාව රවටන බොරු මවාපෑම් පමණක් බවත් ජනතාව බලාගෙන ඉන්නේ ලැබෙන පළමු මැතිවරණයෙන්ම මෙම පාලකයන් ගෙදර යැවීමට බවත් කේ. ඩී. ලාල්කාන්ත වැඩිදුරටත් පවසා සිටියේය. ( ඔහු සමඟ කළ සාකච්ඡාව 10 වැනි පිටුවේ පළ වේ.)

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division