Home » හඳුනා ගත් රාජ්‍ය ආයතන අටක ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනමින්

හඳුනා ගත් රාජ්‍ය ආයතන අටක ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනමින්

by Mahesh Lakehouse
October 28, 2023 12:34 am 0 comment
සුරේකා නිල්මිණි ඉලංකෝන්

රජය සතු ව්‍යාපාර සහ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය, ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, කැන්විල් හෝල්ඩින් ප්‍රයිවට් ලිමිටඩ්, හිල්ටන් හෝටලය, ලිට්රෝ ගෑස් සමාගම, ලංකා හොස්පිට්ල් සහ වෝටර්ස්ඒජ් හෝටලය යන ආයතන 8 මුලින්ම ප්‍රතිව්‍යූහගත කළ යුතු බව හඳුනාගෙන ඇතැයි වරාය හා නාවික ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල සිළුමිණට ඉකුත් සිකුරාදා පැවසීය.

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කරන්නේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට බවත් තරගකාරීත්වය සහ ඵලදායීතාව ඉහළ නැංවීම එහි පදනම බවත් පැවසූ ඇමැතිවරයා, ඉහත කී ආයතන ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ආර්.එම්.පී. රත්නායකගේ ප්‍රධානත්වයෙන් හත් දෙනකුගෙන් යුතු කමිටුවක් පත්කර ඇති බවත් සඳහන් කළේය.

එක් එක් ආයතන ප්‍රතිව්‍යූහගත කිරීමේදී ඒ සඳහා අන්තර්ජාතික උපදේශකයකු ද තෝරා ගැනීමට නියමිත බවත් මේ වන විට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම එවැනි උපදේශකයකු පත්කරගෙන ඉදිරි කටයුතු සිදු කරගෙන යන බවත් ඇමැති නිමල් සිරිපාල ද සිල්වා වැඩිදුරටත් අනාවරණය කළේය.( සම්පූර්ණ සාකච්ඡාව 10 වැනි පිටුවේ පළ වේ)

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division