Home » ප්‍රංශ – ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 75යි

ප්‍රංශ – ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 75යි

by Mahesh Lakehouse
October 28, 2023 12:36 am 0 comment

ප්‍රංශ – ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 75ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් විශේෂ සමරු මුද්දරයක් නිකුත් කිරීම විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ඉකුත් සිකුරාදා සිදු කෙරිණි. ශ්‍රී ලංකාවේ සහ ප්‍රංශයේ යුනෙස්කෝ ලෝක උරුමයන් වන සීගිරිය සහ මොන්ට් සෙන්ට් මිෂෙල් නිරූපණය කෙරෙන රුපියල් 50 ක් වටිනාකමින් යුතු මුද්දර දෙකක් සහ මුල් දින කවරය එහිදි එළිදැක්විණි. මෙයට සමගාමීව මුද්දරයේ ප්‍රංශ සංස්කරණය ද මෙම

අවස්ථාවේදී එළිදැක්වූ අතර නුදුරේදීම එය ප්‍රංශයේ දී එළිදැක්වීමට ද නියමිතය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ෂෝන් ෆොන්ෂුවා පක්තේ, විදේශ කටයුතු ඇමැති අලි සබ්රි, ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, විදේශ කටයුතු රාජ්‍ය ඇමැති තාරක බාලසුරිය විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් අරුණි විජේවර්ධන, ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනූෂ පැල්පිට සහ තැපැල්පති රුවන් සත්කුමාර ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division