Home » විදුලි හා විුත් ප්‍රවා­හන ක්‍රම පිළි­බඳ ජගත් ප්‍රද­ර්ශ­නය හා සම්ම­න්ත්‍ර­ණය ලබන මාර්තු­වේදී

විදුලි හා විුත් ප්‍රවා­හන ක්‍රම පිළි­බඳ ජගත් ප්‍රද­ර්ශ­නය හා සම්ම­න්ත්‍ර­ණය ලබන මාර්තු­වේදී

by Mahesh Lakehouse
October 28, 2023 12:39 am 0 comment

වසර 2023 ලෝක ප්‍රවාහන දිනයට සමගාමීව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සංවිධානය කරනු ලබන විදුලි හා විුත් ප්‍රවාහන ක්‍රම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණය ලබන වසරේ මාර්තු 22, 23 සහ අප්‍රේල් 2 යන තෙදින තුළ පිටිපන ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පැවැත් වීමට කටයුතු යොදා ඇත.

මෙම ප්‍රදර්ශනය කලින් පැවැත්වීමට යෝජිතව තිබුණේ මේ වසරේ නොවැම්බර් මස 10/ 11/ 12 යන දින වලදීය. එහෙත් ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුව යෝජනා කළ පරිදි ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා ගැනීම උදෙසා ප්‍රදර්ශනය මෙලෙස කල් දැමීමට තීරණය කර තිබේ.

නොවැම්බර් 10 වැනි දිනට යෙදෙන අන්තර්ජාතික පොදු ප්‍රවාහන දිනය සහ නොවැම්බර් 26වැනි දිනට යෙදෙන ලෝක තිරසර ප්‍රවාහන දින සමුළුවද කොළඹ දී පැවැත්වීමට ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් ප්‍රවාහන රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න ඇතුළු ප්‍රදර්ශන සංවිධායක කමිටුව විසින් තීරණය කරන ලදි.

2024 වසර ශ්‍රී ලංකාවේ විදුලි සංචරණ වසර (e mobility) ලෙස නම් කිරීමේ සංකල්පයට සමගාමීව මෙම ප්‍රදර්ශනය පැවැත්වීම තුළින් දේශීය හා ජාත්‍යන්තර අවධානය මෙරට විදුලි හා විදත් ප්‍රවාහන ක්ෂේත්‍රය වෙත යොමු කර ගැනීම එහි ප්‍රමුඛතම අරමුණ වේ.

සුභද්‍රා දේශප්‍රිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division