Home » මිථුන ලග්න හිමියන්ට කවදාවත් අමතක නොවන කාලයක්

මිථුන ලග්න හිමියන්ට කවදාවත් අමතක නොවන කාලයක්

මිථුන ලග්න හිමියන්ගේ ඉදිරි කල දසාව

by Mahesh Lakehouse
October 28, 2023 12:30 am 0 comment

– 2032 වසරේ ජුනි 1- ජූලි10 අතර මේ කාලය උදාවෙයි
– 2024 පෙබරවාරි 05 මාර්තු 15 අතර ජීවිතයේ වෙනසක්

පසු ගිය කාලසීමාව සලකද්දී මිථුන ලග්න හිමියන්ට අමතක නොවන කාලසීමාවක් ලෙස 2020 වසරෙහි ජනවාරි 24 වනදාත් 2022 වසරෙහි මැයි 1 වනදාත් අතර කාල සීමාව සහ 2022 වසරෙහි ජූලි 6 වනදාත්, 2023 වසරෙහි ජනවාරි 19 වනදාත් අතර කාලසීමාව දැක්විය හැකිය. බොහෝදෙනෙකුට එම කාල සීමාව අමිහිරි කාලසීමාවක් ලෙස සිතට දැනුණු වඩාත් බුද්ධිමත් ලෙස සහ වඩාත් ධනාත්මක ලෙස සලකා බලන විට එම කාලසීමාව තුළ යම් විශේෂිත ජයග්‍රහණ හෝ යම් විශේෂිත ජීවිත අත්දැකීම් හෝ ලැබුණ බවද නිගමනය කළ හැකි වනු ඇත. එම ජීවන අත්දැකීම්වලින් සමහරක් මුළු ජීවිත කාලය පුරාම ප්‍රයෝජනයට ගත හැකි ජීවිත අත්දැකීම් වනු ඇත.

ඉදිරි කාලසීමාව පිළිබඳව සලකද්දී සමස්ත ග්‍රහ ගෝචරවලට අනුව මිථුන ලග්න හිමියන්ට වෙනසක් පෙන්නුම් කෙරෙන්නේ 2024 වසරෙහි පෙබරවාරි 05 වනදාත්, මාර්තු 15 වනදාත් අතර කාලසීමාව තුළය. එම කාලසීමාව තුළ මිථුන ලග්න හිමියන්ට සිතට ඇතිවන පීඩාකාරී තත්ත්ව වැඩි වීමට සහ ආතති තත්ත්ව ඇති වීමට ඉඩ ඇත. එසේම යම් යම් සුවිශේෂි ජයග්‍රහණවලට ද ඉඩ ඇත. විශේෂයෙන් ඉහත කාලසීමාව තුළ පවුලේ අය අතර අසමගිකමක් ඇතිවීමේ අවදානමක් ඇති විය හැකි බැවින් දිය සෙවල් පිරුණ භූමියක නොවැටී ඇවිදින්නක් සේ ඉතා පරීක්ෂාකාරිව සහ ඉතා ඉවසිලිවන්තව කාලය ගත කළ යුතුය. විශේෂයෙන් මිථුන ලග්න හිමියන් 2024 වසරෙහි මාර්තු 6,7,8 යන දිනවලදී වෙනදාට වඩා පරීක්ෂාකාරීව කාලය ගත කළ යුතුය.

මීට අමතර ලෙස 2024 වසරෙහි පෙබරවාරි 5 වනදාත්, මාර්තු 15 වනදාත් අතර කාල සීමාව තුළ මිථුන ලග්න හිමියන්ට වෘත්තීමය වශයෙන් ද තීරණාත්මක ආරංචිවලට ඉඩ ඇත. එමෙන්ම ඔවුන්ට එම අදාළ සීමාව තුළ අනතුරුවලට මුහුණ දීමේ අවදානමක් ඇති බැවින් ඒ පිළිබඳව විමසිලිමත් විය යුතුය. මීට අමතර ලෙස මිථුන ලග්න හිමියන් 2024 වසරෙහි පෙබරවාරි 5 වනදාත් 2024 මාසයෙහි මාර්තු 15 වනදාත් අතර කාලසීමාව තුළ හදිසියේ ඇති වන අසනීප පිළිබඳව ද වෙනදාට වඩා විමසිලිමත් විය යුතුය.

සමස්ත ග්‍රහ පිහිටීම්වලට අනුව මිථුන ලග්න හිමියන්ට ඉදිරියේදී වඩාත්ම තීරණාත්මක කාල වකවානුව වන්නේ 2032වසරෙහි ජුනි 1 වනදාත් 2034 වසරෙහි ජූලි 10 වනදාත් අතර කාලසීමාවයි. එම කාලසීමාව ජීවිතයේ කිසිදා අමතක නොවන කාලසීමාවක් වන අතර ජීවිතයේ කිසිදා නොලද අත්දැකීම් ලබන්නට සිදු වනු ඇත. විශේෂයෙන් ඉහත කාලසීමාව තුළ අසනීප, අනතුරු, රැවටිලිවලට හසු වීම, සතුරු බාධක, සොරසතුරු උපද්‍රව පිළිබඳව ද වෙනදාට වඩා විමසිලිමත් විය යුතුය. විශේෂයෙන් ඉහත කාලසීමාව තුළ ඇති වන සමහර අසනීප හෙළි වන්නේ ඉහත කාල වකවානුව නිමාවීමෙන් පසුව විය හැකි අතර, ඉහත කාල වකවානුව තුළ ඇති වන රැවටිලිවලට හසුවීම් හෙළි වන්නේ ද ඉහත කාල වකවානුවෙන් පසුව විය හැකිය. එනම් ඉහත කාල වකවානුව තුළ සිදු වන ඇතැම් සිදුවීම් බැලූ බැල්මට ධන නිධාන ලැබෙනවා වැනි සිදුවීම් විය හැකි වුවද එම සිදුවීම් රැවටිලිවලට හසුවීම් බව හෙළි වන්නේ ඉහත කාල වකවානුවෙන් පසුව විය හැකිය.

කෙසේ වෙතත් ඉහත කාල වකවානුව තුළ සැබැවින්ම ධන නිධාන ලැබීම් වැනි සිදුවීම්වලට ද ඉඩකඩ ඇති බැවින් ක්‍රම කිහිපයකින් විශ්වාසය තහවුරු කරගෙන තීරණ ගැනීමෙහි වරදක් නැත.

එමෙන්ම ඉහත කාල වකවානුවලදී ද පාසල් යන වයසේ පසුවන මිථුන ලග්න හිමියන්ට ඉහත කාල වකවානුව තුළ විෂය බාහිර ජයග්‍රහණවලට ඉඩකඩ පවතින බව පෙනේ. ඇතැම් විට එවැනි සමහර ජයග්‍රහණ ජාතික මට්ටමේ ජයග්‍රහණ වීමට ද ඉඩ ඇත. එමෙන්ම අධ්‍යාපනය ලබන වයසේ පසු වන අයට ඉහත කාලසීමාව තුළ ප්‍රේම සබඳතා ඇති වීම් ආදියට ඉඩකඩ ඇත. එමෙන්ම පාසල් යන වයසේ පසුවන මිථුන ලග්න හිමියන්ට 2032 වසරෙහි ජුනි 1 වනදාත්, 2034 වසරෙහි ජූලි 10 වනදාත් අතර කාලසීමාව තුළ පන්ති කාමර මාරු වීම්, ගුරුවරු මාරු වීම්, පාසල් මාරු වීම් සහ වෙනත් විපත් පීඩාවලට බෙහෙවින් ඉඩකඩ ඇත.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී පාරින්ද්‍ර සුගතදාස

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division