Home » ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේ නිර්මාතෘ ශ්‍රීමත් ක්‍රිෂ්ණමූර්ති පඬිතුමා

ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේ නිර්මාතෘ ශ්‍රීමත් ක්‍රිෂ්ණමූර්ති පඬිතුමා

by Mahesh Lakehouse
October 28, 2023 12:30 am 0 comment

– උපත ලැබුවේ 1908 නොවැම්බර් 01 දා ඉන්දියාවේ තිරුවයියාරුහිදී
– එතුමාගේ ජන්ම පත්‍රයෙන් හෙළිවන ජීවන වතගොත

ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේ නිර්මාතෘ අභාවප්‍රාප්ත මහාචාර්ය කේ. එස්. ක්‍රිෂ්ණමූර්ති මැතිතුමා ක්‍රිස්තු වර්ෂ 1908 නෙවැම්බර් මාසයේ 01 වැනි දින උපත ලබා ඇත්තේ ඉන්දියාවේ තන්ජාවූර් නගරය ආසන්නයේ පිහිටි තිරුවයියාරු ප්‍රදේශයේදීය. එතුමා සිය අධ්‍යාපන කටයුතු අවසන් කර ක්‍රිස්තු වර්ෂ 1927 ජූලි මාසයේ 14 වැනි දින මදුරාසියේ රාජ්‍ය සේවයට ඇතුළත් වී ඇත. පෙරදිග සහ බටහිර ජ්‍යොතිෂ ශාස්ත්‍රීය විග්‍රහයක් කිරීමට අපහසු බව අවබෝධ කරගැනීමෙන් පසුව කේ.එස්. ක්‍රිෂ්ණමූර්ති මහතා විසින් ඉදිරිපත් කරන ලද වැඩිදියුණු කිරීම් මඟින් ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය ඉදිරිපත් කළේය.

 

මකර ලග්නයෙන් උපත ලබා ඇති ඔහුගේ ලග්නය අධිපති ශනි ග්‍රහයා ජන්ම පත්‍රයේ ස්වකීය නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියේය. ශනි ග්‍රහයා 1, 2, 6, 7 සහ 9 වැනි භාව නිවේදක ග්‍රහයෙකු විය. ජන්ම පත්‍රයේ 1 වැනි භාවයේ නිවේදකත්වය මඟින් ස්වකීය උත්සාහයෙන් ලබාගන්නා සාර්ථකත්වය පෙන්වයි. 2 වැනි භාවයේ නිවේදකත්වය මඟින් ධන තත්ත්වය ද 6 වැනි භාවය මඟින් තරගකරුවන් අබිබවා ජයග්‍රහණ ලබාගැනීම සහ ස්වකීය උත්සාහයෙන් ලබා ගන්නා සාර්ථකත්වය පෙන්වයි.

ජන්ම පත්‍රයේ 9 වැනි භාවය මඟින් පර්යේෂණ කටයුතුවලින් සාර්ථකත්වය ලබා ගැනීම ද පෙන්වයි. ක්‍රිෂ්ණමූර්ති මැතිතුමාගේ ජන්ම පත්‍රයේ 9 වැනි භාවය හිමි බුධ ග්‍රහයා 6 වැනි සහ 9 වැනි භාවය හිමිව තුලා රාශියේ 9 වැනි භාවයේම තැන්පත්ව සිටියි. බුධ ග්‍රහයා තැන්පත්ව සිටියේ රාහු හිමි නක්‍ෂත්‍රයකය. මේ බුධ ග්‍රහයාගේ පිහිටීම අනුව එතුමාගේ නිර්මාණශීලී බව, අප්‍රතිහත කැපවීම සහ පර්යේෂණ කටයුතුවල නිරත වීම පෙන්වයි.

මේ ජන්ම පත්‍රයේ ගුරු ග්‍රහයා 3, 8, 5, 10 සහ 12 වැනි භාව භාව නිවේදනය කරයි. ඒ අනුව එතුමාගේ ගුප්ත ශාස්ත්‍ර පිළිබඳව පැවති නිපුණත්වය සහ ඒ අනුව කරන ලද පර්යේෂණ කටයුතුවලින් ලබාගත් සාර්ථකත්වය පෙන්වයි.

මේ අකාරයට ජන්ම පත්‍රයේ බොහෝ ග්‍රහ සහ භාව පිහිටිම් මඟින් එතුමාගේ බහුශ්‍රැත ඥානය නිරූපණය කරයි.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජී. එච්. ඩබ්ලිව්. සිල්වා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division