Home » සිහිනෙන් දුටුවොත් නෙළුම් මල් කඩනවා ධනය සතුට සැප සම්පත ගෙනෙනවා

සිහිනෙන් දුටුවොත් නෙළුම් මල් කඩනවා ධනය සතුට සැප සම්පත ගෙනෙනවා

නින්දේදී දකින සිහින ගෙනෙන පලාපල

by Mahesh Lakehouse
October 28, 2023 12:30 am 0 comment

ගසකට නගිනවා දුටුවොත් කීර්තිය ප්‍රශංසාව සහ සතුට හිමි වේ

අනාවැකි පැවසීමේ ගුප්ත බලයක් සිහිනවලට ඇති බව අනාදිමත් කාලයක සිට මිනිසා විශ්වාස කරනු ලබයි. දහවල් දකින සිහිනවල ප්‍රතිඵල ශුන්‍ය බව පැරණි පඬිවරුන් මෙන්ම අපිද පිළිගන්නෙමු. රාත්‍රියේදී සිහින දකින වේලාවල් අනුව කොටස් තුනකට බෙදෙයි. රාත්‍රි 9 -12 අතරත් 12-3 ත් අතරත් අලුයම 3-6 අතරත් වශයෙනි. අලුයම දකින සිහිනවල ප්‍රතිඵල ඉක්මන් වන අතර මැදියම් රැයේදී දකින සිහිනවල ප්‍රතිඵල පමා වන බවත්, නිදිගත් වෙලාවට ආසන්නවද දකින සිහිනවල ප්‍රතිඵල රහිත බවද පැවසේ.

දැන් බලන්න මේ සිහින ඔබ සිහිනෙන් දුටුවදාද කියා. සුබ සිහිනයක් නම් ඔබ අන් අයට කීමෙන් වැළකීම යහපත් වන අතර අසුබ සිහිනයක් නම් එය අන් අයට කීමෙන් ලැබෙන අසුබ ප්‍රතිඵල අවම වන බව සඳහන් වෙයි.

. නිවෙසක් සෑදීම –

සිහිනෙන් නිවසක් ගොඩනගනවා දැකීම ඉතා යහපත් වේ. විවාහ වූ අයෙක් එබඳු සිහිනයක් දුටුවේ නම් තම භාර්යාව ඔහුට බොහෝ සේ ඇලුම් කරයි. විවාහ නොවූ අයෙක් එවැනි සිහිනයක් දකී නම් ඔහුට ඉතා ආදරණීය යහපත් භාර්යාවක් හිමි වෙයි.

. යමෙකුගේ නිවසට ගිනි ඇවිළීම, සිය ශරීරයේ අවයව සහ අන්‍ය දෙයක් හෝ ඥාතීන් යන සියලු දේ ගිනි ගැනීම දැකීම –

රත්තරන්, මුතු මැණික් ආදී දේවල් හිමිවීමේ පූර්ව නිමිත්තකි.

. ලස්සන පියාපත් සහිත කුරුල්ලෙක් දුටුවොත් –

ඉතාමත් හොඳ පෙර නිමිත්තකි. අවිවාහක තරුණයෙක් හෝ තරුණියක් එවැනි සිහිනයක් දුටුවේ නම් ධනවත් තරුණියක් හෝ තරුණයෙක් සමඟ යුග දිවියට පත්වීමට ඉඩ ලැබෙනු ඇත.

. දත් වැටීම හෝ දිව වැටීම –

එවැනි සිහිනයක් යම් අයෙකු සිහිනෙන් දුටුවොත් භයානක විපතක්, මරණයක් හෝ දරුණු මානසික පීඩාවක් නුදුරේදීම සිදුවන බවට පෙර ලකුණකි.

. මධ්‍යම රාත්‍රියේදී තද නින්දේදි අන්ධයින්, කොරුන්, බිහිරන්, තුවාලකරුවන් හා අවයම නැති අය සිහිනෙන් දුටුවොත් –

එවැනි දේ නිරෝගි අයෙකු දුටුවොත් දුටු තැනැත්තා රෝගී වෙයි. රෝගීව සිටි අයෙකු එවැනි අය සිහිනෙන් දුටුවොත් භයානක ඉරණමකට මුහුණ පෑමට සිදු වෙයි.

. කන්‍යාවෝ –

සිහිනෙන් කන්‍යාවක් දැකීමෙන් වස්තුව හා කීර්ති ප්‍රසංසා හිමි වේ. කන්‍යාවක සමඟ සිහිනෙන් සංවාසයෙහි යෙදිණි නම් තමාට අවනම්බු අඩදබර හා චිත්ත පීඩා ඇති වෙයි.

. ගස්, ගස් කැපීම, ගසකට නැගීම –

යමෙකු ගසක් උඩ නගිනවා සිහිනෙන් දුටුවේ නම් වස්තුව, කීර්ති ප්‍රශංසා, සතුට ගෙන දේ. ගසක් කපා බිමට හෙලනවා දුටුවේ නම් මඳක් ශුභ පල දෙයි. ගෙඩි ඇති ගසකට නගිනවා සිහිනෙන් දකී නම් උසස් තත්ත්වයකට පත්වේ. වියළුණ ගසකට නගිනවා දිටී නම් මහත් අලාභ හානි පැමිණේ.

. උස් තැනකින් වැටීම –

ඔබ උස් ස්ථානයක සිට වැටෙනු සිහිනෙන් දුටුවේ නම් අනතුරක් අත ළඟම ඇති බවට පෙර නිමිත්තකි. මේ නිසා එවැනි සිහිනයක් දුටුවේ නම් ප්‍රවේශම්වීම වැදගත් වේ.

. ඉතා උස් ස්ථානයකට අපහසුවෙන් හෝ නගිනු දුටුවේ නම් –

ඉදිරි කාලයේදී සැප සම්පත් ළඟාවන බව කියැවේ.

. නෙළුම් මල් –

නෙළුම් කොළයක කෑම දමාගෙන ආහාරය ගැනීම සිහිනෙන් නෙළුම් මල් කඩාගෙන විනෝද වීම, නෙළුම් කොළයේ දමාගෙන යම් දෙයක් බීම යන දේවල් සිහිනෙන් දුටුවොත් රටේ ඉහළ පෙළේ සැප සම්පත්, නම්බුනාම, ගෞරව පිළිගැනීම් රජ සැප හා සමාන වාසනාවක් ඉක්මනටම උදාවන බවට පූර්ව නිමිත්තකි.

. චන්ද්‍ර ග්‍රහණය –

යම් පුරුෂයෙක් සිහිනෙන් චන්ද්‍ර ග්‍රහණයක් සිදුවනු දැක්කේ නම් ඔහුගේ දෙමාපියන් වියෝ වන්නේය. නැතහොත් හේ විවාහකයෙක් නම් ඔහුගේ භාර්යාව නිසා කරදර වෙයි.

. ශරීරයේ අවයවයක් වැටීම –

ඇස්, කන්, නාස හෝ නියපොතු ගැලවී වැටෙනු යම් පුරුෂයෙකු සිහිනෙන් දුටුවේ නම් ඔහුගේ මරණය ඉතාමත් ඉක්මනට සිදුවන බව කියැවේ. එවැනි සිහින දකින පිරිමින්ට කාන්තාවන් සරණ පාවා නොදිය යුතු බවට පැරණි විශ්වාසයක් පවතී. ඔබගේ මුඛයේ උඩු ඇන්දේ දත් වැටෙනවා දුටුවොත් ඔබේ පිය පාර්ශ්වයේ ඥාතිවරයෙකුගේ මරණය ඒකාන්තයෙන්ම සිදුවේ. යටි ඇන්දේ දත් වැටෙනවා සිහිනෙන් දුටුවේ නම් මවු පාර්ශ්වයේ ළඟම ඥාතිවරයෙකුගේ මරණයක් සිදුවේ.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී හිඹුටානේ පියතිලක ද අල්විස්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division