– කතරගම දෙවියන්ගෙන් නිසැක පල ලබාගත හැකි ප්‍රබල ක්‍රමයක්
– කන්ද කුමාර පොල් ජීවම් මන්ත්‍රයෙන් 21වර පොල් ගෙඩිය ජීවම් කරගන්න
– ජීවම් කර ගත් පොල් ගෙඩිය ඔබේ යහපත් අදහස සපල වන ලෙස ඉල්ලමින් බිඳ දමන්න
සිළුමිණ ඉසිවර පාඨක ඔබ වෙනුවෙන් කතරගම දෙවියන්ගේ හාස්කම් පිළිබඳව ලියන මෙම ලිපි මාලාවෙන් මෙවර ඉදිරිපත් කරනු ලබන්නේ අතිදුර්ලභ රහස් ක්‍රමවේදයකි. සාමාන්‍යයෙන් දෙවියන්ගේ පිහිට ආධාරය ප්‍රාර්ථනා කරන අවස්ථාවලදී දෙවොලක් වෙත ගොස් දෙවියන්ට කන්නලව් කර පොල් ගෙඩියක් බිඳීම සිරිතකි. ඔබ එසේ බිඳිනු ලබන පොල් ගෙඩිය ජීවම් කර ‘ප්‍රාණ ගන්නවා’ දෙවියන් උදෙසා බිඳීමේදී ඇස් පනාපිට ප්‍රතිඵල කල් නොගොස් එදිනම ලැබෙන බව බොහෝ දෙනා නොදන්නා කාරණාවකි.
මේ ප්‍රබල ක්‍රමවේදය මා විසින් දිර්ඝ කාලයක සිට අත්හදා බලා ප්‍රතිඵල නෙළාගෙන ඇත්තෙමි. මීට වසර 160කට පමණ පෙර අප ගුරුකුලයේ ‘මුත්තා’ විසින් මෙහි සත්‍යතාව මනාකොට පැහැදිලි කර සටහනක් තබා ඇත. ඇත්ත වශයෙන්ම ඔබ කතරගම දෙවියන්ගේ භක්තිකයෙකු නම් ඔබට අනිවාර්යයෙන්ම උන්වහන්සේගේ පිහිට ආධාරය මෙමඟින් නොඅඩුවම ලැබෙන බව නම් සත්‍ය කොටම ප්‍රකාශ කළ හැකිය. ඉතා භක්ති පූර්වකව සහ ගෞරවයෙන් යුතුව මෙන්ම විශ්වාසයෙන් යුතුව ඔබ මෙම ක්‍රමවේදය අනුගමනය කරන්නේ නම් අඩුම තරමේ ඔබගේ ප්‍රශ්නය කුමක් වුවත් දින දෙකක් ඇතුළත නිත්‍ය ප්‍රතිඵල ලබා ගැනීමේ අවස්ථාව නියත වශයෙන්ම ලැබිය හැකිය.
ඔබ කතරගම දෙවියන්ගේ පිළිරුවක් අබියසට යාමට පෙර එසේ නැතිනම් ඔබගේ නිවසේ වන්දනාමාන කරනු ලබන කතරගම දේව රූපය අබියස සිට මෙම ක්‍රමවේදය ප්‍රගුණ කරගත හැකිය. රූපය අබියස මුලින්ම අඹ කොළ, නෙළුම් මලක් හැඩයට අතුරා ඒ මැද ඉතාම පිරිසිදු කරගත් පොල් ගෙඩියක් තබා රතු මල් කහ මල් වටේට අතුරා බුලත් කොළයක් මත මැටි පහනක් තබා අබ හෝ තල තෙල්වලින් දල්වන්න. ඒ සමඟ සුවඳ දුම් දෙන්න.
පසුව ඉහත පළවන මන්ත්‍රයෙන් 21වර 44වර සහ 108 හෝ 544වර පොල් ගෙඩිය ජීවම් කරගන්න. ඔබ ආධුනිකයකු නම් 544වර පළමු දවසේ ජීවම් කිරීමේදි ඔබට සිද්ධිය ලැබෙනු ඇත. (එම මන්ත්‍රය ඉහත පළවේ.)
ඉහත කදිර දේව දිෂ්ටිය ඉතාම බලගතු එකකි. ඔබට නිසැක මෙන්ම සත්‍ය ප්‍රතිඵල මෙයින් ඇස් පනාපිට ලැබෙන බව නම් සත්‍ය කොට ප්‍රකාශ කළ හැකිය. සියලු වැඩ නිමවා කතරගම දෙවිඳුට තම අබිලාෂ සහ නඩු අවනඩු පවසා තුන් සිත ඒකරාශි කර පොල් ගෙඩිය බිඳ දමන්න. ඔබට සත්‍ය ප්‍රතිඵල ලැබෙනු ඇත. සාමාන්‍යයෙන් දෙවියන්ගෙන් යම් පොරොන්දුවක් ඉටුකරගෙන උන්වහන්සේට බාරයක් වශයෙන් යමක් තිළිණ කළ යුතුය. බාර විය යුතු හොඳම බාරය වන්නේ ‘තිර තුන’ බාරයයි. එයින් ලැබෙන ප්‍රතිඵල අති විශිෂ්ටය. තිර තුන බාරය ඔප්පු කිරීමේදී ඒ සඳහා අවබෝධයක් දැනුමක් ඇති කපු මහතකු ලවා කාව්‍ය ස්තෝත්‍ර කියා ඔප්පු කළ යුතුය. එසේ නොවුණහොත් ගැටලු ඇති විය හැකිය.
උන්වහන්සේගේ තිර තුනෙන් පෙන්වන වාසස්ථාන තුනකි. එයින් පළමු තිරයෙන්
1. තිරයෙන් මෙහා පොදු බවද
2. තිරයෙන් මෙහා රහස්‍ය බවද
3. තිරයෙන් ගුප්ත බවද හඟවයි
ඇතුළත නිරතුරු තිරය ශුද්ධ වූ ස්ථානයයි. මීට අමතරව කතරගම පිළිම නෙළීම ඔබගේ ජීවිතයේ හැරවුම වනු ඇත. ව්‍යාපාර ස්ථාන, යාන වාහන, ධන ධාන්‍ය ඉතිරී යනු නිසැකය. ඉදිරියේ උන්වහන්සේගේ තවත් අනුහස් දේ ගැන කරුණු සාකච්ඡා කරමු.
ජ්‍යොතිර් විද්‍යා විශාරද කේ. එස්. එස්. යෝදින්ගේ