Home » මඟුල් තුලා හරියටම හරියන කෙම් මන්ත්‍ර

මඟුල් තුලා හරියටම හරියන කෙම් මන්ත්‍ර

අත්දුටු පුරාණ කෙම්ක්‍රම

by Mahesh Lakehouse
October 28, 2023 12:30 am 0 comment

– යන එන කරන කියන වැඩ කටයුතු සාර්ථක වන කෙම් මන්ත්‍රය
– සතුරු බිය නැති වන්නටත් කෙම් මන්ත්‍රයක්

. සතුරන් මිත්‍ර වීමට –

‘ඕං කාලී කාලී සංකාලී සාහි ඒස්වාහඃ’

බුලත් කොළේ සතුරාගේ නම ලියා 108 වර මතුරා හතුරාට කතා කරනු මිත්‍ර වේ.

. නඩුවෙන් දිනීමට –

නමෝ කරතුර කාරකඩ කාරයේස්වාහඃ

සතුරාගේ නම යොදා ගල් කැටයක්ද තමාගේ නමින් ලුණු කැටයක්ද මතුරා ළිඳට දමා යනු. නඩුව දිනයි.

. යන එන සියලු වැඩ කටයුතු සාර්ථක වීමට –

නමෝ ශ්‍රී පන්ථවඃ

තල තෙල්වලට 7 වරක් මතුරා හිසේ පිටුපස ගාගෙන යන්න. සාර්ථක වේ. නොවරදියි.

. සියලු දෙනාගේ ආකර්ෂණය ලැබීමට –

ඕං බ්‍රහ්මෙ මුවේ සිද්ධි සිද්ධි ඒස්වාහඃ

108 වර මතුරා ගන්න. ඕනෑම කෙනෙකු තමාට වශී වේ. ආකර්ෂණය ඇති වේ. අත්දුටුයි.

. සර්පයින් වත්තට නොඒමට –

නොපෑගුණ තැනකින් වැලි ගෙන 21 වරක් මතුරා කතා නොකර වත්ත වටේම ඉසින්න.

. සතුරු බිය නැති වීමට –

ඕම් අධ්‍යායයි විද්මහේ
පරමේශ්වරාය ධී මහී
තානෝ කාලී ප්‍රචෝදයාත්

දිනකට 21 වරක් බැගින් කියන්න. සතුරු බිය බාහිර කරදර හිරිහැර විනාශ වේ. දියුණුව ඇති වේ. ගෙදර සාමය සමගිය ඇති වේ. මිල මුදල් සම්පත් ලැබේ. භක්තියෙන් කිව යුතුයි. එවිට ප්‍රතිඵල ලැබේ.

. පමා වන විවාහයට කෙම් ක්‍රම –

මේ වන විටත් විවාහය ප්‍රමාද වෙමින් පවතින්නේ නම් පහත සඳහන් ශාන්තිකර්ම කිරීමෙන් එවැනි ප්‍රමාද වීම් වැළකී විවාහ කටයුතු සාර්ථක වන බැව් සනිටුහන් කරමු.

අඟහරුවාදා දිනක රත් කෙහෙල් පැළයක් සිටුවා දිනපතා උදේ සවස ජලය වත් කරන්න.

මන්ත්‍රය – ඕං සදා මංගල සාර්ථකේ (21 වරක් කියන්න.)

අඟහරුවාදා දිනක කුජ හෝරාවෙන් කොලොන් හෝ සේපාලිකා පැළයක් සිටුවා උදේ සවස ජලය වත් කරන්න.

මන්ත්‍රය – ඕං ශ්‍රී දේවී නමෝ නමඃ (16 වරක් ජප කරන්න.)

නුග වෘක්ෂයක් පාමුල රත් මල් තබා එළඟි තෙල් පහනක් දල්වන්න. කතරගම දෙවියන්ට පින් දෙන්න.

සෙනසුරාදා රාත්‍රි 11.57 ට පඬුරක් ගැට ගසන්න. කතරගම දෙවියන්ට ප්‍රමාද වන විවාහ වහා ඉක්මන් කර දෙන මෙන් ඉල්ලා සිටින්න.

විෂ්ණු දෙවියන්ට කනේරු මල් පූජා කර පින් දී අයදින්න. ප්‍රමාද වන විවාහය ඉක්මන් කර දෙන්නයි කන්නලව් කරන්න.

බෝධි පූජාව

බුලත් 21, පහන් 21, රතු පැහැති මල් 21, රතු කොඩි වැලක්, මල් මාලයක්, පලතුරු 5ක්, කැවිලි 5, පඬුරු 21, පැන් කළ 9ක් බෝධින් වහන්සේට බදාදා හෝ සෙනසුරාදා දිනක පූජා කරන්න. අවසානයේ ගයශ්‍රී මන්ත්‍රය කියන්න. ප්‍රමාද වන විවාහය ඉක්මන් වනු ඇත.

බුලත් කොළ 9, රතුපාට මල් 9, සමන්පිච්ච මල් 9 බෝධින් වහන්සේ පාමුල ඇති මල් ආසනයේ රවුමට බුලත් කොළ 9 අතුරා රතු පාට මල් සහ සමන්පිච්ච මල් ඒ මත තබා ගිතෙල් පහන් 9ක් වටේට දල්වා බෝධි පූජාව කර පසුව,

ඕං පූර්ව චන්ද්‍ර රාජාම් අර්ථ සිද්ධි වෛජන්ති නමඃ යන

මන්ත්‍රය 9 වරක් කියා දෙවියන්ට පින් දෙන්න. ප්‍රමාද වන විවාහය ඉක්මන් වේ.

දිනපතාම උදේ අලුයම් කාලයේදී මේ බලගතු මන්ත්‍රය 9 වාරයක් කියන්න. රාත්‍රී නින්දට යන විටද 9 වාරයක් කියන්න. ප්‍රමාද වන විවාහය ඉක්මන් වේවා යන්න අධිෂ්ඨාන කරගන්න.

ඕං නමෝ නාරායණාය විද්මහේ වාසු දේවාය ධීමහි තානෝ විෂ්ණු ප්‍රචෝදයාත්.

ශිව දෙවියන්ට පූජාව තබා උදෑසන සූර්ය පිරිත කියා වතුර වීදුරුවක් පානය කරන්න. දිනපතාම නොකඩවා දින 21 ක් කිරීමෙන් මංගල යෝජනා සාර්ථක වී විවාහය සිදු වේ.

දිය බඳුනකට සිකුරාදා දිනක අලුයම් කාලයේ මෙම මන්ත්‍රයෙන් 108 වරක් මතුරාගෙන පානය කරන්න. දින 21 කින් මංගල යෝජනා සාර්ථක වී විවාහයට මඟ පෑදේ.

මන්ත්‍රය –

ඕං ප්‍රිය නාරි ප්‍රියං භගවතී ප්‍රියං
සුන්දරි මුනි මුනි තාරේ තාරේ
සර්ව ජන වසං කුරේස් වාහඃ

අරාබි ගුරුකමකි –

ඕං තන් සිලුල් අසිසර් රහීම්. මෙම බලගතු මන්ත්‍රය උදේ දහවල් රාත්‍රි කාලයේ 21 වරක් බැගින් කියන්න. තෙමසක් ඇතුළත විවාහයට මඟ පෑදේවී.

ඕං නමෝ සංකර කාලී – කාලී සංකර මාලීත්හි ඒහි ඒස්වාහඃ බුලත් කොළයට 21 ක් වරක් මතුරා බුලත් කොළය හපා තමා බලන්නට ආ මනාලයා / මනාලිය සමඟ කතා කරන්න. වහා වශී වී වැඩ කටයුතු සාර්ථක වේ.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ටී. හෙන්රි බෙම්මුල්ල

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division