Home » මොරටුව සරසවියේ NDT පාඨමාලා අයදුම්පත අද සිළුමිණ සමඟ නිකුත් වන ගැසට් පත්‍රයේ

මොරටුව සරසවියේ NDT පාඨමාලා අයදුම්පත අද සිළුමිණ සමඟ නිකුත් වන ගැසට් පත්‍රයේ

by Mahesh Lakehouse
October 21, 2023 12:36 am 0 comment

මොරටුව විශ්වවිද්‍යාලයීය තාක්ෂණික ආයතනයට ජාතික තාක්ෂණික ඩිප්ලෝමා (NDT) පාඨමාලාව සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ සියලු තොරතුරු මෙවර සිළුමිණ පුවත්පත සමඟ නොමිලේ නිකුත් කරන ගැසට් පත්‍රයේ සඳහන්ව තිබේ.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතේ එන නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුවේ විධායක සේවා ගණයේ ලේකම් තනතුර සඳහා වන අයැදුම්පත හා ඊට අදාළ සියලු තොරතුරු එහි සඳහන්ව තිබේ.

ඊට අමතරව ශ්‍රී ලංකා චිත්ත මනෝවිද්‍යා උසස් අධ්‍යාපන විවෘත විද්‍යායතනයේ ව්‍යාපාර සැලසුම්කරණය හා කම්කරු නීතිය පිළිබඳ විධායක ඩිප්ලෝමා පාඨමාලාවට ද අයැදුම්පත් කැඳවා ඇති බව ද එහි සඳහන්ය.

ඊට අමතරව නාඋල මහේස්ත්‍රාත් අධිකරණය, හම්බන්තොට දිසා මහේස්ත්‍රාත් අධිකරණය, මැදවච්චිය හා තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණවල බඩු බාහිරාදිය විකිණීම සඳහා වන තොරතුරු ද මෙම ගැසට් පත්‍රයට ඇතුළත්ය.

මෙම සියලු තොරතුරු ඇතුළත් ගැසට් පත්‍රය ඔබට ඔක්තෝබර් 22 වැනිදා ඉරිදා සිළුමිණ පුවත්පත සමඟ නොමිලේ බෙදා හැර ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division