Home » ණයවලින් පමණක් ගොඩ එන්න බැහැ

ණයවලින් පමණක් ගොඩ එන්න බැහැ

කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ

by Mahesh Lakehouse
October 21, 2023 12:38 am 0 comment

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ඇතුළු වෙනත් මූල්‍යාධාර හිමිවුවද රට තුළ ඇති අර්බුදය විසඳෙන බවක් පෙනෙන්නට නැති අතර, එය තවදුරටත් උග්‍ර වෙමින් තිබෙන බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ සිළුමිණට කියා සිටියේය. ඒ අනුව භාණ්ඩ හා සේවා මිල විශාල වශයෙන් ඉහළ යෑම, දරිද්‍රතාව ඉහළ යෑම, උගත් පුද්ගලයන් රට හැර යෑම සහ අපරාධ රැල්ල වැඩි වීම ආදී අර්බුද වැඩිවෙමින් පවතින බවත් මැදපෙරදිග යුද ගැටුම්වල බලපෑම හේතුවෙන් තෙල් මිල ඉහළ යෑම, විදේශ ප්‍රේෂණ ප්‍රශ්න ආදිය මතුවිය හැකි බව ද හෙතෙම අවධාරණය කළේය. මෙම අර්බුදයෙන් ගොඩ ඒමට නම් රටේ නිෂ්පාදන ආර්ථිකය දියුණු කිරීම සඳහා රජය මැදිහත් වී ක්‍රියාකළ යුතු වුවත් රට අභ්‍යන්තරයේ නිෂ්පාදන වැඩි කිරීම සඳහා රජය විසින් ඵලදායී ක්‍රියාමාර්ග ගන්නා බවක් පෙනෙන්නට නැති බවත් කොමියුනිස්ට් පක්ෂ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

සුරේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division