Home » කවි සිළුමිණ

කවි සිළුමිණ

by Mahesh Lakehouse
October 21, 2023 12:30 am 0 comment

ආද­ර­ණීය කඳුළ

නුඹ පම­ණයි කඳුළ මගෙ තනි­යට ඉන්නේ
ඇවි­ළෙන ගිනි කඳට දිය බිඳු ඉස­මින්නේ
මට පිටු­පෑව ලෝකෙක ජීවත් වෙන්නේ
මට පිටු නොපා නුඹ පම­ණයි ළඟ උන්නේ
නුඹ හට අක­මැ­තිව සිටි­යත් පෙර දාක
නුඹගේ අගය වටහා ගමි ලෙස නේක
මගෙ සිත සුසු­ම්ලන දහ­වල මෙන් රෑක
නුඹගේ සිසිල අග­යමි සිදු­වුව කෝක
එතු­වක් මෙතෙක් මා වෙත පැමි­ණිය කඳුළ
මට තනි රැක්කෙ නුඹ විත­රයි මා අසල
මගෙ ජීවි­තය දව­සක වන තුරු නිසල
මා හැර නොයන් කඳුළේ මා කර සසල

ගාමිණී ලිවේරා


හිරුට කලින්

අල්ලෙන් වැටෙන දිය වැල බඳු සාරි පොටින්
අල්ලන් යන්න හිත් ලාලයි සැමට හොරෙන්
මුල්ලෙන් අරන් රැස් කළ පන් හිරුට කලින්
පල්ලන් බහිමු කන්දක් මතු හමු වුණ­දෙන්

ලින්ටන් හපු­ආ­රච්චි


සුන්දර ද කෙත­රම්

සියු­මැලි ද කොයි­ත­රම් යන නොපෙනී නළ රැල්ල
සැන­සු­මකි හද­ව­තට මුදු සිනිඳු සිතු­විල්ල
පිය­ක­රුයි නෙත සිතට ලෙ‍ෙළන පහ­නෙහි දැල්ල
සාමයේ සුවඳ මල පුබු­දු­වයි ඉව­සිල්ල
සුන්ද­රයි උදා­හිරු සමඟ පැමි­ණෙන දිනය
පිය­ක­රුයි තුරු­ලතා වෙළන සඳ සොමි ගුණය
වෙරළ සිඹ රළ නැ‍ෙඟයි මුදා හැර අස­හ­නය
දිලෙන සෙව­ණැලි අඳුර ලස්ස­නයි මහ වනය
දුර ඈත කඳු මුදුනෙ හිම සේල එතෙ­නවා
කෙත් යායෙ රන් කරල් බර වෙලා නැවෙ­නවා
කවි­ගීත කොවු­ලන්ගෙ හඬ මිහිරි ඇහෙ­නවා
සොබා­දම පරි­ස­රය නිතර හැඩ කර­නවා

කුරු­ඳු­කු­ඹුරේ නන්ද­සිරි


සදා­දර අම්මා

දස මසක් කුසෙහි දරා
තම ජීවි­තය කැප කර
මා මෙලො­වට වැදු අම්මේ
ජාති ජාතිත් රැස් වූ පිනෙන්
බුදුන් දැක නිවන් දකි­න්නට
වරම් ලැබේවි මේ භවයේ
ලෝක­යාට පෙනෙ­න්නට සිනාසී
දරු දුක් තර කර
දිවිය දුන් ශ්‍රී කතට
සදා ණය­ගැ­තිය අප

ඩබ්ලිව්. ඒ. තියු­මලී දිනි­තිකා


මතු උප­දින්න හිත­වත

සිරි දෙව්දුව අප හට දුන් විජය
සීදුව ගම අම­තක නොකළ විජය
මානව දයාව පෙර­ටු­කො­ට­ගත් විජය
කිසි දිනෙක මුල අම­තක නොකළ විජය
හද බැඳි රසික කැල වෙත පිදුව සෙනෙ­හස
රසික කැල ද ඔහු වෙත පිදුව සෙනෙ­හස
සැමදා සිතට වදින ඔබගේ දයා­වට
දිගු ආයුෂ අරන් මතු ඉප­දෙන්න හිත­වත
අද බැරි වුණත් එක මවු­කුස උප­දින්න
මතු අත් භව­යක අප එක­තැන උපන් විට
උරෙ­නුර ගැටී බාධක මැඬ ජය­ගන්ට
උප­දිනු සොයුර සොයු­රෙක් වෙලා මට

ධම්මික ජය­රං­ජන්


අත­රමං වුවෙක්

ඝන රේඛා­වකි
රිදී රේඛා­වක් වසා යන
මලි­ත්තෙකි
ඔහේ ඔබ මොබ හැසි­රෙන
රිදු­මකි
පපු කුහ­ර­යෙහි නලි­යන
පෑනකි
තුඩින් අකු­රට පන දෙන
මුලා­වකි
දැක්ම හරි­හැටි නොහ­දු­නන
ඇතැ­මෙකි
කල්පනා ලෝක­යෙහි ගැව­සෙන

දිනුෂා ප්‍රබෝ­ධනී කුමා­ර­සිංහ


දිය­වෙච්චි හිත්

සම­හ­රක් හිත්
උප­රි­මය දරා­ගද්දි
නිහඬ ගිනි­ක­ඳුත්
පුපු­ර­නවා වෙලාව එද්දි…
සීමාව ඉක්මු­වත්
තව තවත් ඉව­සද්දි
කළු ගලක් උනන්
පුපු­ර­නවා කාල­යක් යද්දි…
සැන­සීම වුණත්
එක දිගට නොලැ­බෙද්දි
හයි­යම හිත් පවා දිය­වෙ­නවා
පුපු­රන්න ළං වෙද්දි…

නුවන්ති හංසිනී උත්පලා


තාත්තාට කියමි

ගී සින්දූ කවි බෙර­පද අඩු නොවුණු
බාල­විය හැඩයි ඔබෙ තුරු­ලෙම රැඳුණු
පාරු­ඔරු දිගේ එගො­ඩට ගෙනි­යාපු
තාත්තේ ඇසෙ­න­වද ලොකු දුව අද දුරලූ
උග­නට වේ තවත් සිවු­ව­ස­රක් මෙහි ම
දුර­හිඳ කියමි ආද­ර­යෙන් නුඹෙ නමට
බාල­විය තමා මට හැම­දා­මත් රසම
අම්මා එක්ක මං එන­තුරු මඟ ඉන්න

යසුරි හසාරා බණ්ඩා­රි­ගො­ඩගේ


වියෝවූ අම්මාට

හරි­හැටි නොතේ­රෙන මා මගෙ ළපටි වියේ
අම්මා සමඟ ඈ ගිය හැම තැනම ගියේ
නිදි­යන විටදි ගැයු ගී මත­ක­යෙහි තියේ
සංවේ­ග­යකි ඈ වෙනු­වෙන් උපන් ළයේ
ගන්නෙමි කෙලෙස හෝ මම සෝදුක වාවා
ලෝදම වෙන්වීම බැහැ වළ­කනු මේවා
සද­හම් අසා මෙත් සම්බුදු හිමි ගාවා
අම්මා අමා මහ නිව­නින් සැන­සේවා

ජී.ජී. කරු­ණා­දාස


ගුරු­බැති පුද

කිරි­කැටි වියේ නොම­දැන හය හතර එදා
ආවෙමි මව සමග දස­අත දෙනෙත විදා
ඇක­යට වැදී මව හැර ඔබෙ දෙඅත බදා
ගත් හැටි නොවේ, අම­තක මගේ දිවියෙ සදා
“ඉගෙ­නුම් – ඉගැ­න්නුම් කාරිය තරම් ලොවේ
හද­වත අත­ගාන ඔසු­වක් තවත් නොවේ”
ඒ ඔසු කර­ඬු­වෙන් ලැබ­දුන් පරම සුවේ
ජීවක ඔබය, නැත අන් වෙදැ­දු­රෙකු ලොවේ
අප දෙස බලා තුටු කඳු­ළැලි නඟ­න්නට
සිසු හද දෙවොලෙ දෙවි­යන් වී හිඳි­න්නට
අව­සන් සුසුම් පොද සුවසේ හෙල­න්නට
මෙම පින ඇත නොමැත වෙන පින් කර­න්නට

පිය­වතී විතා­නගේ


බුකිය

කර නිගරු
බුකි­යට ගුර­ඟුන් දුවන
නෙත් දෙති දනෝ නිර­තුරු
ෆේස් බුකි­යට…!
අස්ස බුකි­යට වඩා
ෆේස් බුකිය ඉස්ත­රම්
එබු­කි­කා­රයෝ කියති රහසේ
හොඳ ස්මාර්ට් දුත­යෙකු අතෙහි දිලිසේ
සුදු­වකි මිතු­රු­ක­මද
දිනා­ගති හතු­රු­කම්
කියති මුණු­පොත පෙර­ළ­මින්

සරත් කුමාර වික්‍ර­මගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division