Home » HNB FINANCE PLC සහ Auto Miraj සහයෝගීතාවෙන් ලීසිං පාරිභෝගිකයන්ට ප්‍රතිලාභ

HNB FINANCE PLC සහ Auto Miraj සහයෝගීතාවෙන් ලීසිං පාරිභෝගිකයන්ට ප්‍රතිලාභ

by sachintha
October 21, 2023 1:00 am 0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC මෝටර් රථ සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන Auto Miraj සමඟ ඉකුත් ඔක්තෝම්බර් 4 වැනිදා නාවල HNB FINANCE ප්‍රධාන කාර්යාලයේදී අවබෝධතා ගිවිසුමකට එළැඹෙමින් තම ලීසිං පාරිභෝගිකයින් වෙත සුවිශේෂී ප්‍රතිලාභ රැසක් අත්කර දීමට සමත් වී තිබේ.

ඒ් අනුව මෙම ගිවිසුම් කාලසීමාව තුළ Auto Miraj ආයතනය වෙත පැමිණෙන HNB FINANCE පාරිභෝගිකයින් වෙත සුවිශේෂී වට්ටම් සහ පහසුකම් රැසක් පිරිනැමෙනු ඇත. මේ යටතේ HNB FINANCE ලීසිං පාරිභෝගිකයින්ට සිය මෝටර් රථ සේවා සඳහා කිසිදු මුදලක් සේවක ශ්‍රමය වෙනුවෙන් අය නොකෙරේ. මීට අමතරව මෝටර් රථ සීරුණු තැන් පිළිසකර කිරීමේ ක්‍රමවේද සඳහා 25%ක වට්ටමක් ද, මෝටර් රථය ඔප දැමීම සහ ඇතුළත පිරිසිදු කිරීමේදී 25%ක් සහ Body wash/Vacuum and Wax සඳහා 50%ක වට්ටමක් ඇතුළුව අනෙකුත් සේවා සඳහා ද මෙම වට්ටම් හිමි වනු ඇත.

මෙම අවබෝධතා ගිවිසුම පිළිබඳ අදහස් දැක්වූ HNB FINANCE හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් “අපගේ ලීසිං පාරිභෝගිකයින්ට ප්‍රතිලාභ රැසක් පිරිනැමීමේ අරමුණෙන් Auto Miraj ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹීමට හැකි වීම සතුටට කරුණක්. මින් ඉදිරියට අපගේ ලීසිං සේවාව සමඟ සම්බන්ධ වූ පාරිභෝගිකයින්ගේ මෝටර් රථ සඳහා වඩාත් කාර්යක්ෂම, සහ සාධාරණ මිලකට උසස් තත්වයේ මෝටර් රථ නඩත්තු සේවා ලබා ගැනීමට අවස්ථාව හිමිවෙනවා.

මනා තක්සේරුවකින් අනතුරුව මෙම නව සේවාව අපගේ පාරිභෝගිකයින් වෙත හඳුන්වාදීමට හැකි වූ අතර වට්ටම් පිරිනැමීම ද සමඟින් ලීසිං පාරිභෝගිකයින්ගේ මෝටර් රථ වඩාත් අලුත් පෙනුමකින් හා ප්‍රශස්ත මට්ටමකින් පවත්වාගෙන යෑමට ඔවුන්ට හැකි වනු ඇති බව විශ්වාසයයි. අභියෝගාත්මක කාලයකදී පවා අපගේ පාරිභෝගිකයින් වෙත උපරිම ප්‍රතිලාභ සැලසීම සඳහා වන දැඩි කැපවීම මෙම අවබෝධතා ගිවිසුම තුළින් පිළිබිඹු වෙනවා” යනුවෙන් පැවසීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division