Home » Zero Chance (ZR Chance) පාසල් චිත්‍ර ප්‍රදර්ශනයේ ජයග්‍රාහකයන් ඇගැයේ

Zero Chance (ZR Chance) පාසල් චිත්‍ර ප්‍රදර්ශනයේ ජයග්‍රාහකයන් ඇගැයේ

by sachintha
October 21, 2023 1:00 am 0 comment

ඔස්ට්‍රේලියානු රජය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන ලද Zero Chance (ZR Chance) පාසල් චිත්‍ර හා රචනා තරගාවලියේ ජයග්‍රාහකයන් ඇගැයීමේ උත්සවය පසුගියදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී සාර්ථකව පවත්වන ලදී.

ඔස්ට්‍රේලියාවට නීති විරෝධී ලෙස සිදුවන මුහුදු සංක්‍රමණය පිළිබඳව දැනුම්වත් කිරීම සහ නීති විරෝධී ලෙස බෝට්ටු මඟින් ඔස්ට්‍රේලියාවට පැමිණිමට උත්සාහ කිරීමේ නිෂ්ඵලත්වය පැහැදිලි කිරීම මෙම තරගාවලිය සංවිධානය කිරීමේ මූලික අරමුණ විය.

‘’ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීති විරෝධීව සංක්‍රමණය වීමට උත්සාහ කිරීම ඉතාමත් අනුවණ ක්‍රියාවකි” යන තේමාව මුල් කරගනිමින් පැවැති මෙම තරගාවලිය සඳහා දිස්ත්‍රික්ක 15ක පාසැල් 41ක් නියෝජනය කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 1800ක පමණ පිරිසක් සහභාගී විය. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නම් කරන ලද 14 ෙනෙකුගෙන් සමන්විත දක්ෂ විනිසුරු මණ්ඩලයක් විසින් මෙහි ඇගැයීම් කටයුතු සිදුකරන ලදී.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division