Home » AI සමඟ නව පෙරළියකට සැරසෙන APIIT

AI සමඟ නව පෙරළියකට සැරසෙන APIIT

by sachintha
October 21, 2023 1:00 am 0 comment

ආසියා පැසිෆික් තොරතුරු තාක්ෂණ ආයතනය හෙවත් APIIT, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව සන්ධිස්ථානයක් කර ගෙන යමින් කෘත්‍රිම බුද්ධියේ (AI) මඟින් සිසුන් සවිබල ගැන්වීමේ පෙරළිකාර ප්‍රචාරණ සංග්‍රාමයක් දියත් කිරීමට කටයුතු කර තිබේ.

මෙම නව මාදිලියේ පෙරළිකාර ප්‍රචාරණ සංග්‍රාම ‘Inspiring Future Leaders’ ලෙස නම් කර ඇති අතර ඒහි වී ඇත්තේ උත්පාදක කෘතිම බුද්ධිය :(Generative AI) භාවිතයෙන් පරිවර්තනීය අධ්‍යාපනික අත්දැකීමක් ලබාදීමයි. APIIT සිසුන් අන් අයව දිරිමත් කරමින්, ඔවුන්ගේ ප්‍රජාව තුළ ධනාත්මක වෙනසක් ඇති කරන නායකයින් බවට පත්වීම බල ගැන්විය යුතුය යන සංකල්පය ගුරු කොට ගෙන කටයුතු කරයි.

ඩිජිටල්කරණය කරළියට පැමිණ ඇති යුගයක, APIIT විසින් ශිෂ්‍යයන් බඳවා ගැනීමේ ක්‍රමවේදය නව්‍ය කරණයට භාජනය කිරීමේ ප්‍රයත්නය තීව්‍ර කොට ඇත. මෙම නව සංග්‍රාමයේ දිශානතිය APIIT විසින්ම හඳුනාගෙන, උත්පාදක කෘතිම බුද්ධිමය මෙවලම් (Generative AI Tools) භාවිතයෙන් දියත් කොට ඇත. වර්තමානයට සහ අනාගතයට ගැළපෙන පරිදි නව තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ සිසුන් බලගැන්වීමට ඔවුන් දරන ප්‍රයත්නයෙහි එක් සන්ධිස්ථානයක් ලෙස 100% කෘත්‍රිම බුද්ධිය භාවිත කරමින් නිර්මාණය කළ, නව සිසුන් බඳවා ගැනීමේ ප්‍රචාරණ සංග්‍රාමය සනිටුහන් කරයි.

මෙම මුලපිරීම තාක්ෂණික දක්ෂතාව පිළිබිඹු කිරීමක් පමණක් නොවන අතර APIIT සිසුන්ට වෘත්තීය භූමිකා තුළ ඔවුන්ගේ අනාගතය ගැන පරිකල්පනය බලගැන්වීමකි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division