Home » රත්නපුර නන්ද හිමිගේ පියාගේ ආදාහනය ඉරිදා

රත්නපුර නන්ද හිමිගේ පියාගේ ආදාහනය ඉරිදා

by Mahesh Lakehouse
October 14, 2023 12:34 am 0 comment
වජිර ලියනගේ

නාරාහේන්පිට ශ්‍රී ශාරිපුත්‍ර විහාරය සහ ජාත්‍යන්තර කලායතනයේ අධිපති රත්නපුර නන්ද හිමිගේ පියා වූ ඕපනායක, හුණුවල මොරවිටිවල පදිංචිව සිටි හෙන්රි ජයසිංහ වල්පොළ(94) ඉකුත් දා අභාවප්‍රාප්ත විය.

සත් දරු පියකු වූ හෙන්රි ජයසිංහගේ වැඩිමල් පුතු වූයේ පසු කලෙක පැවිදි වූ රත්නපුරයේ නන්ද හිමියන් ය. ජාතික හා ජාත්‍යන්තර කීර්තියට පත් නන්ද හිමියෝ කොට්ටාව අධිවේගී ප්‍රවේශයට පෙනෙන අවුකන පිළිමය මෙන්ම අමෙරිකාව ඇතුළු විදෙස් රටවල් ගණනාවක බුදු පිළිම නෙලූ කීර්තිධර හිමි නමකි. රුපියල් කෝටි 5ක් තම පෞද්ගලික ධනය වියදම් කර නන්ද හිමියන් විසින ගොඩනැඟූ ඕපනායක හුණුවල ග්‍රාමීය රෝහල විවෘත කරවන ලද්දේ ද මිය ගිය පියාගේ අතිනි.

දේහය පිළිබඳ අවසන් කටයුතු 15 වැනි ඉරිදා පස්වරු 2.30ට ඕපනායක, හුණුවල මොරවිටිවල නිවසේ පැවැත්වෙන ආගමික වතාවත්වලින් අනතුරුව පස්වරු 5ට පැල්මඩුල්ල ආදාහනාගාරයේ දී සිදු කෙරේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division