Home » ආනයන සීමා ඉවත් කළත් අපනයනය ගෝලීය ක්‍රියාවලියක්

ආනයන සීමා ඉවත් කළත් අපනයනය ගෝලීය ක්‍රියාවලියක්

ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල් කාන්ත

by Mahesh Lakehouse
October 14, 2023 12:36 am 0 comment

ආනයන සීමා ඉවත් කිරීම රටක් විදිහට හොඳ වුවද එය සම්පූර්ණ නොමැති බවද මෙවැනි ක්‍රියා බාගෙට සිදු කිරීමෙන් රට යළි හිරවෙන බව ද අපනයනය දියුණු කර ආනයනය කිරීමට අවශ්‍ය බව ද ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල් කාන්ත සිළුමිණට පැවසීය.

ආනයන සීමා ඉවත් කිරීමෙන් කර්මාන්ත ක්ෂේත්‍ර කඩා වැටීමට හේතු වූ බවද. දේශීය කර්මාන්තකරුවන්ගේ ඇතැම් නිෂ්පාදන පාරිභෝගිකයාට මිලදී ගැනීමේ නොහැකියාවක් පසුගිය කාලය පුරාම ඇති වූ බවද ජවිපෙ ලාල් කාන්ත අවධාරණය කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල් කාන්ත මෙසේද පැවසීය. “උදාහරණයක් ලෙස විශේෂයෙන් අධික මිලගණන් යටතේ විකිණෙන ටයිල් කර්මාන්තය ගත හැකියි. ටයිල් කර්මාන්තය මේරටේ මිනිසුන් හුරාගෙන කනවා. අපේ ඩොලර් ප්‍රශ්නය නිසයි මේ ප්‍රශ්නය ඇති වුණේ. ඒක සමබර කරගෙනයි. මේ දේවල් කරන්න අවශ්‍ය වෙන්නේ. අපි අපනයනය වැඩි දියුණු කර ගැනීමට කටයුතු කරගෙනයි.

අපේ අපනයනය දුර්වලයි. ආනයන සීමා ඉවත් කළත් අපනයනය ගෝලීය ක්‍රියාවලියක් යටතේ සිදුවිය යුතුයි. ප්‍රති අපනයනය කරන භාණ්ඩ නිෂ්පාදනය කළ රටක් පසුගියකාලයේ ඒවාට යම් යම් බාධක තිබුණා. ඒ ප්‍රතිඅපනයනයත් අවශ්‍ය නිසා මේ ඇතැම් අමුද්‍රව්‍ය වෙනත් රටවලින් ගෙන්වන නිසා මේ දේවල් සීමා ඉවත් කිරිම එක් අතකින් හොඳයි. විධිමත් සැලසුම් අනුව එය කළ යුතුයි.“

සුභද්‍රා දේශප්‍රිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division