Home » ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනු ණය අවලංගු කිරීමක් නොවෙයි

ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනු ණය අවලංගු කිරීමක් නොවෙයි

- සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල

by Mahesh Lakehouse
October 14, 2023 12:37 am 0 comment

චීන විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කරනවා නම් රට වෙනුවෙන් සතුටු වන බවද ඒත් ණය ප්‍රතිව්‍යුහගත කරනවා යනු ණය අවලංගු කිරීමක් නොවන බවද සමගි ජන බලවේගයේ (සජබ) ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල සිළුමිණට ප්‍රකාශ කළේය. මේ ණය නැවත ගෙවිය යුතු බවද ණය ගෙවීමට තිබෙන කාලය දීර්ඝ කළාම සිදු වනුයේ තිබෙන ණය ප්‍රමාණය අඩු වීම පමණක් බවද නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල අවධාරණය කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නිතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මෙසේද කියා සිටියේය. “විපක්ෂයේ ඉන්න අය නොවෙයි රට බංකොලොත් කළේ මේ ආණ්ඩුව. ඇත්ත වශයෙන්ම මේ අයගේ ආණ්ඩුව වැටුණේ 2019යේ පළමු වැනි අය වැයෙන්. ලොකු සමාගම්වලින් අය වෙන්න කරගත යුතු බිලියන 800ක් රටට අහිමි කළා.“

සුභද්‍රා දේශප්‍රිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division