Home » කෘෂිකර්මයේ දියුණුවට ඩිජිටල් තාක්ෂණය 

කෘෂිකර්මයේ දියුණුවට ඩිජිටල් තාක්ෂණය 

by Mahesh Lakehouse
October 14, 2023 12:40 am 0 comment
සුරේකා නිල්මිණි ඉලංකෝන්

ඩිජිටල් තාක්ෂණය යොදා ගනිමින් ලංකාවේ කෘෂිකර්මය දියුණු කිරීම සඳහා රජය බිල් සහ මිලින්ඩා ගේට්ස් පදනම සමඟ ගිවිසුමකට අත්සන් කර තිබේ.

මෙරට කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා ඩොලර් මිලියන 250 ක ප්‍රදානයක් මෙම ව්‍යාපෘතියෙන් ලැබෙන අතර කෘෂි ක්ෂේත්‍රයේ දත්ත එකතු කිරීම සහල් සහ අනෙකුත් බෝග වගාවන්ගේ පෝෂණය වැඩි කිරීම මෙහි මූලික අරමුණයි.

කෘෂි ක්ෂේත්‍රයේ පලදාව වැඩි කිරීම හා පෝෂණය වැඩි කිරීමේ කටයුතු වෙනුවෙන් ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ මෘදුකාංගයක් හදුන්වාදීම මෙම ගිවිසුමට අනුව සිදුකෙරෙන එක් කාර්යයකි. කෘෂි කර්මාන්තය දියුණු කිරීම සඳහා අදාළ දත්ත අමාත්‍යාංශ හතකින් ලබාගෙන මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට නියමිත ය.

නව මෘදුකාංගයෙන් සෘජුවම පොහොර භාවිතයේ සිට පලදාව ලබා ගැනීම දක්වාත්, ලබා ගන්නා පලදාව සංරක්ෂණය කිරීම උදෙසාත් ගොවීන්ට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දෙනු ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division