Home » අඩු ආදායම්ලාභීන්ගේ සුබසාධනයට බිලියන 200ක්
තාරක වික්‍රමසේකර

අඩු ආදායම්ලාභීන්ගේ සුබසාධනයට බිලියන 200ක්

by Mahesh Lakehouse
October 14, 2023 12:45 am 0 comment

මෙම වසරේ සමාජ සුබසාධන කටයුතු සඳහා රුපියල් බිලියන 200ක් වෙන් කර ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය සිළුමිණට ඉකුත් සිකුරාදා හෙළි කළේය. පසුගිය වසර දක්වා වාර්ෂිකව ඒ වෙනුවෙන් වෙන් කළේ බිලියන 65ක් පමණක් බවත් අවධාරණය කළ ඇමැතිවරයා කියා සිටියේ එය සිවුගුණයකින් පමණ වැඩි කර ඇති බවයි. අඩු ආදායම්ලාභීන් නඟාසිටුවීම පිණිස මෙසේ වැඩි මුදලක් එසේ සමාජ සුබසාධන කටයුතු වෙනුවෙන් වෙන් කර තිබේ.

විශේෂයෙන්ම ආර්ථික අර්බුදය මධ්‍යයේ වුවත් මෙසේ විශාල මුදලක් වෙන් කළ බව පෙන්වා දුන් ඇමැතිවරයා කීවේ රාජ්‍ය ආදායමෙන් 95%කි බදුවලින් උපයා ගන්නා බවත් අඩු ආදායම්ලාභීන් නඟා සිටුවීමට සියලු බදු උපයෝගී වන බවත්ය.

ආර්ථීක අර්බුදය හමුවේ ඇති වූ අතුරු ප්‍රතිඵල ලෙසින් පාසල් දරුවන්ගේ උපකරණ සැලකිය යුතු ලෙසින් ඉහළ ගිය බව පෙන්වා දුන් මුදල් රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේ ඒ තත්ත්වයට විසඳුමක් ලෙස පාසල් උපකරණ සම්බන්ධව පෞද්ගලිකව අවධානය යොමු කර දැනටමත් සහන ලබාදී ඇති බවය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division