by Mahesh Lakehouse
October 14, 2023 12:30 am 0 comment
දීඝවාපි රජමහා විහාරාධිපති අම්පාර මඩකලපුව දෙදිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක මහඔය සෝභිත හිමි

දීඝවාපි විහාරස්ථානයේ ප්‍රතිනිර්මාණ කටයුතු ‘යළි දකිමු දීඝවාපිය‘ නමින් 2020 වසරේ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්නගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරුණි. විශේෂයෙන්ම නැඟෙනහිර පළාතේ පුරාවස්තු ආරක්ෂා කිරීමේ ජනාධිපති කාර්යසාධක බළකායේ ප්‍රධානියා ලෙසින් එතුමා විසින් දීඝවාපි ස්තූපය ඇතුළු විහාරස්ථානයේ සියලු කටයුතු එවකට අගමැති ධුරය දැරූ මහින්ද රාජපක්ෂගේ මූලිකත්වයෙන් ආරම්භ කිරීමට කටයුතු යෙදිණි. එහිදී චෛත්‍යය ඉදිකිරීමේ කටයුතු යුද හමුදාවේ මූලිකත්වයෙන් සිවිල් ආරක්ෂක බළකායේ ද දායකත්වයෙන් හා විශ්‍රාම ශාලාව ඉදිකිරීම හා උද්‍යාන අලංකාරණය නාවික හමුදාවෙන් ද සිදු කෙරේ. ධාතු මන්දිරයේ ඉදිකිරීම් කටයුතු ගුවන් හමුදාවේ මූලිකත්වයෙන් සිදු කෙරේ. ඉදිරි අවුරුදු දෙක ඇතුළත මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට යෝජිතය.

මෙම කාර්යයේ විශේෂත්වය වන්නේ රජයෙන් කිසිදු ප්‍රතිපාදනයක් නොමැතිව සියලු කටයුතු සිදු කිරීමයි. සියලු කටයුතු දෙස් විදෙස් බැතිමතුන්ගේ දායකත්වයෙන් සිදු කෙරේ. කැබිනට් අනුමැතියෙන් දීඝවාපි අරුණ නමින් ලංකා බැංකුවේ විශේෂිත ගිණුමක් ද ඒ වෙනුවෙන් ආරම්භ කර තිබේ. ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාඛාවේ ආරම්භ කර ඇති 86860000 දීඝවාපි අරුණ ගිණුමට ඕනෑම අයකුට දායකත්වය ලබා දිය හැකිය.

1989 වසරේ දීඝවාපිය සිංහල ගම්මානයට ත්‍රස්තවාදීන් පහර දී කළ ඝාතනයෙන් පසුව වන්දනාමාන පිණිස වන්දනාකරුවන් පැමිණියේ නැහැ. දීඝවාපි විහාරස්ථානයට එයින් පසු අවධානය යොමු කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. වරින් වර නැඟ ආ ත්‍රස්තවාදී තර්ජන නිසා කිසිදු සංවර්ධන කටයුත්තක් හෝ කැණීම් සිදු කිරීමට හැකි වූයේද නැත. ඉතිහාසයේ වරින් වර විවිධ උවදුරුවලට ලක්වීමෙන් පරිහානියට පත්වූ දීඝවාපි ස්තූපය මේ වන විට ගොඩ නැංවීම බොහෝදුරට වැඩ අවසන් වෙමින් පවතී. නැඟෙනහිර පළාතේ ඇති (අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි) එකම සොළොස්මස්ථානය වන දීඝවාපිය යළිත් ජනතා වන්දනාවට පාත්‍රවන දිනය වැඩි ඈතක නොවන්නේය. ඒ වෙනුවෙන් හැකි ආකාරයේ දායකත්වයක් ලබා දීමට සියලු ජනතාවට පියවර ගත හැකිය.

දීඝවාපි ස්තූපයේ නිධන් කිරීමට යෝජිත එහි තිබූ නිධන් වස්තු හා ධාතූන් වහන්සේ මේ වන විට දිවයින පුරා වන්දනාව පිණිස වැඩම කරවමින් පවතී. ඒ අවස්ථාවන්වලට සහභාගි වී වන්දනාමාන කිරීමට සියලු දෙනාට අවස්ථාව උදා වී ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division