Home » කවි සිළුමිණ

කවි සිළුමිණ

by Mahesh Lakehouse
October 14, 2023 12:30 am 0 comment

ආයා­චනා

මහලු මඩ­ම­කට මවු­පි­යන් ඇර­ලන්න එපා
ගසක් මුලට අම්බ­ල­ම­කට ගෙන­වින් දමනු එපා
පෙවූ කිරි දැරූ වෙහෙස අම­තක කරනු එපා
වැඩි­හිටි දිනදී මාපි­යන් පුද­නෙමු නැමද දෙපා
ජීවන පොතේ පිටු පෙරලී යනවා
අව­සන් වරට මහලු වියේ පිටු­වක් පෙර­ලෙ­නවා
තනි­කර මවු­පි­යන් දරු­වන් එත­රට යනවා
නොපෙනී දෑස් පුරා කඳු­ළැලි ඉති­රෙ­නවා

ඩබ්.පී. ඉන්ද්‍රානි

———————————————————————————————————————————

එකම මඟ

ආත්තම්මේ,
සියු­මැ­ලිය නුඹේ දෑත
දෙන්න අත
අල්ලා­ගෙන යන්නම්
නො වැටෙ­න්නට නුඹ…
පුත,
සියු­මැ­ලිය නුඹේ දෑත
දෙන්න අත
අල්ලා­ගෙන යන්නම්
නොවැ­ටෙ­න්නට නුඹ …

චාන්දනී දේවිකා පුංචි­හේවා

———————————————————————————————————————————

අව­සන් මොහොත

මහලු මා අම­තන කවු­රුද
සිතින් ඡායා­වක් දුටිමි බොඳ වී
අත­ප­යද වාරු නැත ඇවි­දි­න්නට
හද­වතේ වේද­නා­වක් දැනෙයි හිමි­හිට…
තරු­ණ­යන්ගේ කව­ට­කම් විඳ විඳ
තවත් ජීවත් වෙන්නේ පූරුවෙ පින­කට
හීන් කොළුවා අසයි හිමි­හිට
හීනෙන් පෙනෙ­න­වාද ගොක්කොළ…

චන්ද්‍ර රම්‍ය කුමාර

———————————————————————————————————————————

සමා­වෙ­යන් පුත

විසි­හය වසක් මම උඹ හැදුවා නේද පුතේ
උදේ පටන් රෑ තෙක් මම රැක්කා පුතේ
එදා වේල හම්බ කරන් මගේ පුතේ
කන්න දුන්නේ ගුටි කන්නද උඹෙන් පුතේ
කැසට් පටය සද්දෙන් ගම­ටම දලා
අහළ පහළ උද­විය යයි ඔර­වාලා
උඹෙ අම්මගෙ හිසේ ඇම්ම උඩු දුවලා
හඬ­නවා මගෙ ළඟ­ටම වී කඳුළු සලා
සද්දය අඩු කළා පම­ණයි මට මතක
වැදුණා මොක­ක්දැයි කියලා නැත මතක
අම්මගේ මර හඩම විත­රයි මට මතක
දෙඇස් පියා නැති කර­ගත්තේ මතක
පුංචි පුතේ උඹේ අම්මා බලා­ග­නින්
අප්පච්චි යනවා උඹ දාලා තව මොහො­තින්
කළ කී දෑ ගැන කහ­ටක් මගේ හිතින්
පිට­වෙන්නේ නෑ මගේ පුතේ නුඹ නාඬන්

සියත් සත්සර

———————————————————————————————————————————

සදා­තන සෙනෙ­හස

සතුට සොම්නස අහිමි වී ගොස්
දොම්න­සින් ඉරි තැලුණු මා හද
ආදරේ චන්දන දියර ඉස
නිවා සුව­පත් කළේ ඔබ­මය
හිතා­දර කිසි­ව­කුද නොම සිටි
එදා පා තැබු නුහුරු බිම­කදි
සිනාසී ගෙන මවෙත ළංවී
දයා­බර වූයේ ද ඔබ­මය
ඉතින් සැමදා සෙව­ණැල්ල සේ
නොසෙල්වී ඔබ ළඟින් ඉන්නට
සපථ කර­නෙමි- සිරස සිඹි­මින්
හද පෙම් පිරුණු බැති පෙමින් ඔක­ඳව

චන්ද්‍රා රෝහිණී කැටි­පෙ­ආ­රච්චි

———————————————————————————————————————————

වියෝ වූ පුතුනි මගේ

ජීවි­තය පිනි බිඳක් බව පසක් කළ පුතේ
බුදුන්ගේ බණ අසා හිත හදා­ගම් පුතේ
ඉප­දු­නොත් මැරෙ­නවා එයයි නිය­තය පුතේ
මට කලින් වෙන් වුනා ඒක­මයි දුක පුතේ
සින්දු­වෙන් දවස ගෙවු මගෙ පුතා කොහි ගියේ
ඉතින් සතු­ටින් ඉදින් භවය අව­සන් වුණේ
අම්මා පින් පමු­ණු­වයි දින­පතා උඹෙ නමින්
සැන­සි­යන් මගෙ පුතේ උඹට ලැබෙ­නවා නිවන්

කුසු­ම­ලතා බණ්ඩා­රි­ගොඩ

———————————————————————————————————————————

හඬ – නිහඬ

ශබ්ද ශබ්ද ශබ්ද ශබ්ද
නා නා මාදි­ලියේ ශබ්ද
ඉප­දු­ණදා සිට ලෝකේ
මියෙන තුරා ලොව සැවොමා නිති විඳිනා නේක ශබ්ද
නිහඬ බවට ආචා­රය
කරයි නිබඳ…..
නිහඬ බව නොමැති නම්
නැත ලොවේ නෙක ශබ්ද
සැම ශබ්ද­යන් තුළම
නිහඬ බව ඇත ගැබ්ව…..

කේ. ඩබ්ලිව්. සිරි­සේන

———————————————————————————————————————————

බුකිය

කර නිගරු
බුකි­යට ගුර­ඟුන් දුවන
නෙත් දෙති දනෝ නිර­තුරු
ෆේස් බුකි­යට…!
අස්ස බුකි­යට වඩා
ෆේස් බුකිය ඉස්ත­රම්
එබු­කි­කා­රයෝ කියති රහසේ
හොඳ ස්මාර්ට් දුත­යෙකු අතෙහි දිලිසේ
සුදු­වකි මිතු­රු­ක­මද
දිනා­ගති හතු­රු­කම්
කියති මුණු­පොත පෙර­ළ­මින්

සරත් කුමාර වික්‍ර­මගේ

———————————————————————————————————————————

කව් මුතු වැල්

අනු­ර­පුරේ පෙර රජ දින ලියු කවිය
සීගිරි ගලේ කැට­පත් පවුරේ කවිය
ජාතක කතා පද බැඳ කිය­වෙන කවිය
මුව දෙව් දාව සසදා වත බොදු කවිය
ජය­ව­ර්ධන පුරයෙ අභි­සෙස් ලද කවිය
වීදා­ගම, සිරි රාහුල ලියු කවිය
වෑත්තෑවෙ හිමිගේ ගුත්තිල කවිය
කව්ශේ­ඛ­රය දෙවැ­නිව හෙළ මහ කවිය
මාතර යුගයෙ යලි පිබු­දුනු හෙළ කවිය
ගජ­මන් නෝන ඩොයි­ලිට දුක කී කවිය
රංච­ගොඩ නෝන පබැදු ජන කවිය
මුද­ලිඳු ඇල­පාත පැට­ලුනු පෙම් කවිය
පේරා­දෙ­ණියෙ ගුරු­කුල බිහි­කළ කවිය
සිරි ගුණ­සිංහ, ජී.බී. සේකර කවිය
මෙතෙක් පැවති අපගේ සීපද කවිය
වෙන­සක් කළා සාහිත්‍ය නිස­ඳැස් කවිය

ආනන්ද අබේ­වි­ක්‍රම

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division