Home » යන්ත්‍රයක් පැලඳීමට පෙර මේ ගැනත් දැනගන්න

යන්ත්‍රයක් පැලඳීමට පෙර මේ ගැනත් දැනගන්න

by Mahesh Lakehouse
October 14, 2023 12:30 am 0 comment
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න

– යන්ත්‍රය සකස් කරද්දී කළ යුතු වත්පිළිවෙත් 
– නිවැරදිව සකස්කර පලඳින යන්ත්‍රවලින් ජීවිතයට ලැබෙන සැනසුම

ජ්‍යොතිෂයේ එක් පැතිකඩක් ලෙස යන්ත්‍ර විද්‍යාව නැතිනම් යන්ත්‍ර පැලඳීම සඳහන් කළ හැකිය. එය ඔබ අවබෝධයෙන්ම කළ යුතු වේ. කිසියම් කෙනෙකුට කුමන කරුණකට හෝ යන්ත්‍රයක් පැලඳීමට අවශ්‍ය වුවහොත් යන්ත්‍රවේදියා එම යන්ත්‍රයේ ගුණ නමින් කී විට එය නියමිත දිනයට ඔබගේ ගෙලට හෝ ඉනට පලන්දනකං නිසොල්මනේ ඉන්නට එපා. යන්ත්‍ර පැලඳීම ගැන බොහෝ අය දැනුම්වත් නැත. ඕනෑම කෙනෙක් ඕනෑම දෙයක් කරන විට ඒ ගැව අවබෝධයක් තිබේ නම් වැඩි ආනිසංසයක් ප්‍රතිඵලයක් ලබනවාමය. ඒ ගැන නිසි අවබෝධයක් ලබා ගන්නෙ කොහොම ද? මෙවර ලිපියෙන් ඒ ගැන සඳහන් කෙරේ.

යන්ත්‍රයක් මනුෂ්‍ය ශරීරයකට පලඳනවා යනු නිවසකට විදුලි පද්ධතිය මඟින් සිදුවන කිසියම් හෝ ආපදාවක් නැති කිරීම හා සමාන දෙයකි. නිවසේ විදුලි පද්ධතියේ කිසියම් දෝෂයකින් ඇතිවන ඕනෑම වේලාවක එසේත් නොමැතිනම් ‘වයර් ගිනි ගන්නා’ ඕනෑම මොහොතක ප්‍රධාන ස්විචය අසලම තිබෙන ‘ට්‍රිප්’ ස්විචය ක්‍රියාශීලී වී ඒ දෝෂය නැති කරයි. එනම් විදුලිය විසන්ධි කරයි. ඉන් සිදුවීමට යන විපත්තිය නැති වෙනවා නැතිනම් බොහෝ දුරට අවම වේ. ශරිරය ස්පර්ශ කරන යන්ත්‍රයත් මෙවැනිම ක්‍රියාවලියක් සිදු කරයි.

අවැසි වේලාවට විදුලිය විසන්ධි කිරීමට යොදන ‘ට්‍රිප් ස්විචය‘ ඉතා සියුම් එලෙසම වැඩි ක්‍රියාශීලී තහඩුවකින් යුක්තය. වැඩි ධාරිතාවක් සමඟ විදුලි පද්ධතියේ අක්‍රමිකතාවක් සිදු වුවහොත් මේ තුනි තහඩුවට දරන්න බැරි හෙයින් ස්වයංක්‍රීයව විසන්ධි කරයි. සමහර විට මෙම තහඩුව මහත් වුවහොත් මේ ක්‍රමවේදය සිදුවන්නෙ නැත. ඉන් නිවසට හානියක් වන්නටත් බැරි නැත. පලඳින යන්ත්‍රයෙන් කරන්නේ ද මේ දෙයයි. මෙම යන්ත්‍රය ලියන තහඩුව තුනි තඹ තහඩුවක් වී එය වඩා ක්‍රියාශීලී වීම සඳහා රන් ආලේප කරන්නේද ඒ නිසාමය. නිවැරදිව මතුරන ලද මෙම යන්ත්‍රය ඉතා ක්‍රියාශීලීය. නියමිතව සම්පූර්ණ කරන ලද යන්ත්‍රය සෑම විටම ශරීරයට ස්පර්ශව තැබීම වඩාත්ම යහපත් වේ. නමුත් අත්‍යවශ්‍ය කාරණයකට එනම් ස්නානය කිරීම සහ කිලි ගෙවල් – මරණයක් සිදුවී ඇති නිවෙසකට යන විටෙකදී පමණක් යන්ත්‍රය ගලවා තබා යෑම යහපත්ය.

ඔබ ‘යන්ත්‍ර විද්‍යාවේ’ කිසියම්ම දෙයක් නොදන්නා කෙනෙක් වුවත් යන්ත්‍රයක් පැලඳීමට ආරම්භ වන තැනේ සිට ඔබේ ශරීරයට ස්පර්ශ කරන වේලාව දක්වා එහි කාර්යභාරය පිළිබඳව කිසියම් අවබෝධයක් ලබා ගත යුතු වේ. එනම් යන්ත්‍රය පැලඳීමට පෙර එම යන්ත්‍රය දැක තීරණය කිරීම සහ එම යන්ත්‍රය සුරයට දැමීමට පෙර එම යන්ත්‍රය පෙර දුටු යන්ත්‍රයමදැයි පරීක්ෂා කිරීම අනිවාර්යය. මීළඟට එම යන්ත්‍රය ඔබ හෝ අදාළ පුද්ගලයා නමටම සීහුම් කර තිබේද එනම් යන්ත්‍රයෙහි අදාළ පුද්ගලයාගේ නම ලග්නය සඳහන් කර ඇත්ද? අවසාන වශයෙන් යන්ත්‍රය රන් ආලේප කර තිබේද? එසේම යන්ත්‍රය හිරු එළියට ඇල්ලීමේදී කිසියම් හිලක් හෝ හිල් ඇතිවී ඇත්දැයි යන්ත්‍රය ශරීර ස්පර්ශයට පෙර පරීක්ෂා කිරීමෙන් වැඩි ප්‍රයෝජනයක් ලබාගත හැකි වේ.

මෙවැනි නිවැරදිව සකස් කරන යන්ත්‍ර මිනිස් සිරුරට එන ‘විපත් කිරණ’ ස්වාභාවික ආපදා, විපත් යන සියලුම දෝෂ නිවාරණය කරයි. මෙම යන්ත්‍ර පැලඳීම සෘෂිවරයන් සහ ඇතැම් විද්‍යාඥයන්ද නිර්දේශ කර ඇත්තේ ඇති එහි විද්‍යාත්මක පදනමක්ද ඇති බවට ඔවුන් දරන මතය නිසාය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division