by Mahesh Lakehouse
October 14, 2023 12:30 am 0 comment

පසුගිය සිකුරාදා (13 ) දිනට යෙදී තිබූ ජාතික ලොතරැයි මණ්ඩලයේ 60 වැනි සංවත්සර සැමරුම මුල් කරගනිමින් ‘’Mega Millions’’ සහ “Mega 60” නමින් නව ලොතරැයිපත් 02ක් වෙ‍ෙළඳපොළට නිකුත් කිරීම පසුගිය අඟහරුවාදා (10) ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදුවිය.

වෙළෙඳපොළට නිකුත් කළ මංගල ලොතරැයි පත් පිළිගන්වනු ලැබවේ ජනාධිපතිවරයා වෙතය. එමෙන්ම ගොවිසෙත ලොතරැයියේ සැප්තැම්බර් මස දී බිහිවූ කෝටිපති සුපිරි ත්‍යාග ලාභීන් වෙත චෙක්පත් ප්‍රදානය කිරීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් විසින් සිදුකරන ලදී.

මෙම අවස්ථාවට ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති වෛද්‍ය චමීර සී යාපා අබේවර්ධන, අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ ආචාර්ය කිත්සිරි මංචනායක, සාමාන්‍යාධිකාරී නීතීඥ හෂිනි ජයසේකර සහ ඉහළ කළමණාකාරීත්වය එක් වී සිටියේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division