Home » AIA කාර්යමණ්ඩල විශිෂ්ටයන් මෙවරත් අගයයි

AIA කාර්යමණ්ඩල විශිෂ්ටයන් මෙවරත් අගයයි

by Mahesh Lakehouse
October 14, 2023 12:30 am 0 comment

පසුගියදා පැවැත්වුණු AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ, 2023 වාර්ෂික ආයතනික සමුළුවේ ඉහළ කාර්යසාධනයකින් හෙබි කාර්යමණ්ඩල සාමාජික සාමාජිකාවන් සම්මානනීයව අගයනු ලැබුවේය.

ප්‍රධාන විධායක නිලධාරිනියගේ විශේෂ සම්මාන 8ක් සහ නායකත්ව සම්මාන 132ක් (Leadership Essential Awards) විශිෂ්ට කාර්යමණ්ඩල සාමාජිකයින් වෙත ප්‍රදානය කරන ලද අතර කාර්යමණ්ඩල සාමාජිකයින්ගේ දරුවන් අතරින් විශිෂ්ටතම දස්කම් දක්වන ලද දරුවාට සුවිශේෂී සම්මානයක් වන දක්ෂතම ළමා සම්මානය ද මේ අවස්ථාවේ දී පිරිනැමිනි. මෙම සමුළුවේ දී 2022 වසරේ MDRT (මිලියන් ඩොලර් වටමේසය) සාමාජිකත්වය හිමිකරගත් ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ද ඇගයුමට ලක්කරන ලදී.

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනිය වන චතුරි මුනවීර මහත්මිය, ප්‍රධාන ඒජන්සි නිලධාරී, චානක ලියනගේ මහතා සහ අධ්‍යක්ෂ සහයෝගිතා බෙදාහැරීම්, සේනක රාජපක්ෂ මහතා මානව සම්පත් අධ්යක්ෂිකා, තුෂාරි පෙරේරා මහත්මිය ඒ අවස්ථාවේ දී සාමාජිකයන් ඇමතූහ. සහකාර සාමාන්‍යාධිකාරී චලිනි ගුණරත්න මහත්මිය සහ ඒජන්සි බෙදාහැරීම් ඳ සහය අධ්‍යක්ෂක දිමුතු පියසේන සමුළුව මෙහෙයවූහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division