Home » ආයතනික යහපාලනයට SLT-MOBITEL නව ක්‍රමවේදයක්

ආයතනික යහපාලනයට SLT-MOBITEL නව ක්‍රමවේදයක්

by Mahesh Lakehouse
October 14, 2023 12:30 am 0 comment

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, සිය පාරිසරික, සමාජයීය හා ආයතනික පාලන ප්‍රතිපත්ති තවදුරටත් ශක්තිමත් කරමින් වැඩිදියුණු කළ දුෂ්කෘත නිවේදන ක්‍රියාවලියක් (Whistleblowing Procedure) හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.

මෙහි ප්‍රධානතම අංගයක් වශයෙන්, වාර්තා වන සිදුවීම් සම්බන්ධයෙන් මූලික විමර්ශන කටයුතු සිදුකිරීමට, SLT-MOBITEL ආයතනයෙන් පූර්ණ වශයෙන් ස්වාධීන නිර්පාක්ෂික දුෂ්කෘත නිවේදන ඒකකයක් ස්ථාපිත කර ඇත. මෙම නව ක්‍රියාවලිය මගින් SLT-MOBITEL කාර්ය මණ්ඩලයට, බාහිර පාර්ශ්වයන්ට සහ මහජනතාවට, SLT-MOBITEL ආයතනය තුළ කිසියම් සැක කටයුතු සිදුවීමක් නිරීක්ෂණය වූ විට වහාම ඒ බව වාර්තා කළ හැකිය.

මේ පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති රියාස් මිහුලර් මෙසේ පැවසීය. “මෙය විශිෂ්ටතම ආයතනික පාලන විධිවිධාන ස්ථාපිත කිරීම සඳහා සමාගම දක්වන උනන්දුවට මනා සාක්ෂියක්. ආචාරධාර්මික ආයතනික පාලනය සහ වගකීම්සහගත ආයතනික පුරවැසිභාවය යන සංකල්ප ව්‍යාපාරකරණයේදී අතිශයින් වැදගත්. මේ සංශෝධිත දුෂ්කෘත නිවේදන ක්‍රියාවලිය සැලසුම් කර ඇත්තේ, සමාගම අභ්‍යන්තරයේ සිදුවන දූෂණ හා වංචා ආදිය සම්බන්ධයෙන් හඬක් නගන්නන්ට ප්‍රතිවිපාක සහ පලිගැනීම් පිළිබඳ බියකින් තොරව ආරක්‍ෂිත ලෙස එය සිදුකිරීමට අවශ්‍ය පසුබිම සකස් කර දීමටයි. ඉදිරියටත් මේ ආකාරයට ආයතනයේ සියලුම අංශවල ආයතනික යහපාලන විධිවිධාන ශක්තිමත් කරමින් තිරසාර වර්ධනයක් කරා ගමන් කිරීම අපගේ ඉලක්කයයි.”

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division