Home » Asia Corp Insurance Brokers සහ සණස රක්ෂණ සමාගම නව ගිවිසුමකට එළැඹෙයි

Asia Corp Insurance Brokers සහ සණස රක්ෂණ සමාගම නව ගිවිසුමකට එළැඹෙයි

by Mahesh Lakehouse
October 14, 2023 12:30 am 0 comment

ප්‍රමුඛ පෙළේ රක්ෂණ සහ ප්‍රතිරක්ෂණ තැරැව්කාර සමාගමක් වන Asia Corp Insurance Brokers (Pvt.) Ltd, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්‍ෂණ සමාගමක් වන සණස රක්ෂණ සමාගම සමඟ පසුගියදා ප්‍රතිරක්‍ෂණ පහසුකම් සැපයීමට අදාළ ගිවිසුමකට එළැඹුනේය.

මීට අදාළ උත්සවය කොළඹ 80 සමාජ ශාලාවේදී පවත්වන ලද අතර Asia Corp වෙනුවෙන් එහි සභාපති සුනිල් ද සිල්වා මහතා සහ අධ්‍යක්ෂ මණ්ඩලය ද, අයිඩියල් සමූහ ව්‍යාපාරයේ සමූහ සභාපති නලින් වෙල්ගම මහතා සමඟින් දෙපාර්ශ්වයේ ආරාධිතයන් පිරිසක් පැමිණ සිටියහ.

සුනිල් ද සිල්වා සහ නලින් වෙල්ගම මහත්වරු ද. සණස ජීවිත රක්ෂණ සමාගම නියෝජනය කරමින් එහි ප්‍රධාන විධායක නිලධාරී අයිවන් නිකලස් මහතා ද සභාව ඇමතුවේය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරී තත්ත්වයත් සමඟ ප්‍රතිරක්‍ෂණකරුවන් රටින් පිටවෙමින් සිටින වාතාවරණයක් තුළ මෙවැනි කටයුත්තක් වෙනුවෙන් කැපවීම පිළිබඳ Asia Corp Insurance Brokers (Pvt.) Ltd සමාගමට මෙහිදී විශේෂ ස්තුතියක් හිමි විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division