Home » පරිසර හිතකාමීත්වය වෙනුවෙන් CIOB Green ප්ලැටිනම් සම්මානය බ්‍රැන්ඩික්ස් සමාගමට

පරිසර හිතකාමීත්වය වෙනුවෙන් CIOB Green ප්ලැටිනම් සම්මානය බ්‍රැන්ඩික්ස් සමාගමට

by Mahesh Lakehouse
October 14, 2023 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ තිරසාරත්වය සම්බන්ධයෙන් පෙන්නුම් කළ විශිෂ්ට නායකත්වය වෙනුවෙන්, පසුගියදා පැවති CIOB Green Awards 2023 සම්මාන උළෙලේදී ‘Leadership towards Sustainability Award’ කාණ්ඩය යටතේ ප්ලැටිනම් සම්මානයක් හිමිකරගැනීමට බ්‍රැන්ඩික්ස් සමූහය සමත් විය.

ශ්‍රී ලංකාවේ ප්‍රමාණාත්මකව වැඩිම හරිත ගොඩනැගිලි වපසරියක් හිමි බ්‍රැන්ඩික්ස් සමූහයේ, එම ප්‍රමාණය වර්ග අඩි 519,042 කි. මේ වනවිට සහතිකලත් හරිත ගොඩනැගිලි 5 ක් පවතින අතර, මින් දෙකක් LEED Platinum ද, දෙකක් LEED Gold ද එකක් GreenMark Platinum ද ලෙස බ්‍රැන්ඩික්ස් සමූහය සතුවේ. ලොව ඇඟලුම් නිෂ්පාදන සමාගම් අතරින් Net Zero Carbon තත්ත්ව සහතිකය හිමිකරගත් ප්‍රථම සමාගම වන්නේද බ්‍රැන්ඩික්ස් ය. මේ වනවිට එහි කර්මාන්තශාලා 6 කට Net Zero Carbon තත්ත්වය හිමි වී තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division