Home » කුඹුරට ආ අලුත් අමුත්තා Mahindra Yuvo Tech+ 585

කුඹුරට ආ අලුත් අමුත්තා Mahindra Yuvo Tech+ 585

by Mahesh Lakehouse
October 14, 2023 12:30 am 0 comment

DIMO Agribusinesses සිය දීර්ඝ කාලීන හවුල්කරුවෙකු වන Mahindra Tractors සමඟ එක්ව පසුගියදා නවතම තාක්ෂණයෙන් නිමවුණු අශ්ව බල (HP) 50 කාණ්ඩයේ Mahindra Yuvo Tech+ 585 ට්‍රැක්ටරය ශ්‍රී ලාංකේය ගොවි ප්‍රජාවට හඳුන්වා දීම පසුගියදා අනුරාධපුර ගලෙන්බිදුණුවැව මනරම් වෙල්යායක විශාල ගොවි ජනතාවකගේ සහභාගිත්වයෙන් උත්සවාකාරයෙන් සිදු වු අතර ඒදින සහභාගී වූ ගොවීන්ට මෙම නවතම ට්‍රැක්ටර් රථය පදවා පරික්ෂා කිරීමට ද අවස්ථාව සලසන ලදී.

Mahindra හී මීළඟ පරම්පරාවේ Yuvo ට්‍රැක්ටර් මාලාව යටතේ නිෂ්පාදිත මෙම ට්‍රැක්ටරය එයටම අනන්‍ය වූ සුවිශේෂී ගුණාංග රැසකින් සමන්විත වන අතර එමඟින් මෙහි කාර්යක්ෂමතාව සහ බහුකාර්ය හැකියාව ඉහළ නැංවී ඇත. මෙහි අඩංගු ඉහළ කැරකුම් බලය (Torque) 197nm සහ 2979 CC ධාරිතාව සහිත එන්ජිම තුළින් එරුම් සහිත කුඹුරකදී මෙන්ම ප්‍රවාහනයේදී ද වැඩි බරක් ඇදගෙන යාමේ හැකියාව මෙම ට්‍රැක්ටර් රථයට ලැබී ඇති අතර 1700Kg කට ආසන්න එසවුම් ධාරිතාවක් සතුය. මෙහි අඩංගු ඩ්‍රයි ටයිප් (Dry Type) එයාර් ෆිල්ටරය නිසා නිරන්තර නඩත්තුව හා සේවාව අවශ්‍ය නොවේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division