Home » ඖෂධ මාෆියාව දැන් තවත් උග්‍ර වෙලා

ඖෂධ මාෆියාව දැන් තවත් උග්‍ර වෙලා

ජවිපෙ මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින් ද ජයතිස්ස

by Mahesh Lakehouse
October 7, 2023 12:30 am 0 comment
සුභද්‍රා දේශප්‍රිය

ලංකාව ඇතුළේ බරපතළ ඖෂධ මාෆියාවක් ක්‍රියාත්මක වන බවත් වර්තමානයේ එය තවත් උග්‍ර වී ඇති බවද ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින් ද ජයතිස්ස සිළුමිණට කියා සිටියේය.

දේශපාලන බලය සහිත ඖෂධ සමාගම් විශාල සංඛ්‍යාවක් ඇති බැවින් මේ ප්‍රශ්න උග්‍රවී ඇතැයි පෙන්වා දුන් වෛද්‍ය ජයතිස්ස 2015 වසරේ සිට 2022 දක්වා ඖෂධ කාණ්ඩ රැසක් මේ ආකාරයට ඉවත් කර ඇතැයි කියා සිටියේය. 2022 වසර වනවිට ඖෂධ 86 දක්වා ඉවත් කර ඇතැයි අවධාරණය කළ ජවිපේ මධ්‍යම කාරක සභිකවරයා මෙයින් සියයට 10 සිට 25 දක්වා ප්‍රමාණයක් ආනයනය කර තියෙන්නේ එක් ඖෂධ සමාගමක් විසින් බව අවධාරණය කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙසේද පැවසීය. “ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඉන්දියාවේවත් ලියාපදිංචි නොවු ආයතන වල ඖෂධ ලංකාවට ගෙනල්ලා තියෙනවා. මේ විදිහට වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයට ගත්තට පස්සේ අහඹු ලෙස සාම්පල් පරික්ෂා නොකිරීම නිසයි. මේ සමාගම් කරන්නේ තත්ත්වයෙන් උසස් ඖෂධ සාම්පල් ලෙස ලබාදීමයි.

2017 විගනණයේදී මෙය තහවුරු වෙලා තියෙනවා. ඒත් මේ ආයතන තවමත් ඖෂධ වෙළෙඳ පොළේ ඉන්නවා. මේ සමාගම් නම් කිහිපයකින් පවත්වාගෙන යන බවද ඔහු පවසන අතර සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දුන් මුදල් ගෙවිමේදි බොහෝ වෙලාවට ප්‍රමුඛතාවය ලැබිලා තියෙන්නේ මේ සාමාගම්වලටයි. මෙයට කළ යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංංශය දැනට සම්මත කර ඇති ක්‍රමවේදයට අනුව මේ ක්‍රියාවලිය සිදුකිරිමයි

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division