Home » දුම් කෝච්චිවලට වැට

දුම් කෝච්චිවලට වැට

by Mahesh Lakehouse
October 7, 2023 12:30 am 0 comment

මහජනතාව පීඩාවට පත් කරමින් පරිසරය දූෂණය කරන කළු දුම් නිකුත් කරන වාහන සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමේ කටයුතු වාහන විමෝචන පරීක්ෂණ භාර අරමුදල විසින් ආරම්භ කර තිබේ.

කළු දුම් නිකුත් කරන වාහන සඳහා පරීක්ෂණ පවත්වනු ලබන අතර, එය අලුත්වැඩියා කිරීමට මාසයක කාලයක් ලබාදෙන බවද වාහන විමෝචන පරීක්ෂණ භාර අරමුදල පවසයි.

මාසයක කාලසීමාව තුළ වාහනය අලුත්වැඩියා නොකළහොත් එහි ආදායම් බලපත්‍රය ලබා ගැනීමට නොහැකි වන සේ අසාධු ලේඛනගත කෙරේ. එවන් වාහන ගැන මහජනතාවටද පැමිණිලි කළ හැකි බව පෙන්වා දෙන අරමුදල ඒ සඳහා 0112669915 අංකය හඳුන්වා දී ඇත.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division