Home » සාමාන්‍ය පෙළ – උසස් පෙළ 2025 සිට නියමිත පරිදි

සාමාන්‍ය පෙළ – උසස් පෙළ 2025 සිට නියමිත පරිදි

by Mahesh Lakehouse
October 7, 2023 12:31 am 0 comment

වසර 2025 සිට අපොස උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග නියමිත කාලයේ දී පැවැත්විය යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත්ට උපදෙස් ලබා දී තිබේ.

දැනට තීරණය කෙරී ඇති ආකාරයට මේ වසරේ විභාග පවත්වන ලෙසත් 2024 වසරේ විභාග ද ඒ වසරේම පවත්වා අවසන් කිරීමට උත්සාහ කරන ලෙසත් ජනාධිපතිවරයා ලබා දුන් උපදෙස් වල සඳහන්ය.

2025 වසරේ සිට නියමිත අයුරින් දරුවන්ට බරක් නොවන පරිදි විභාග පවත්වන්නට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා එහිදි අවධාරණය කර තිබේ.

ජනාධිපතිවරයා විසින් අධ්‍යාපන ඇමැතිවරයාට මේ උපදෙස් ලබා දී ඇත්තේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති සාකච්ඡාවකදීය. එමෙන්ම විභාග නිසි කලට පැවැත්වීම සඳහා පාර්ලිමේන්තු නීතියකින් ම කටයුතු සම්පාදනය කරන ලෙසද එම උපදෙස්වල සඳහන් වේ.

එලෙස විභාග පවත්වන නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත්කළ පසු එය දරුවන්ට විභාගවලට සූදානම් වීමට පහසුවක් වනු ඇතැයිද විභාග පවත්වන දිනය නීතියකින් නිශ්චිත කිරීමේදී දේශපාලන අධිකාරියට හෝ වෙනත් කිසිවකුට එය වෙනස් කිරීමට නොහැකි වනු ඇතැයිද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

අධ්‍යාපන විශේෂඥයන් සහ ජනපතිවරයා අතර මෑතකදී පැවැති හමුවකදී මෙරට විභාග කල් යෑමෙන් දරු පරපුරට විදේශ විශ්ව විද්‍යාල මඟින් ලැබෙන ශිෂ්‍යත්ව හිමිවීම, නිකරුණේ වයස් සීමා ගත වී යෑම ඇතුළු අහිතකර ප්‍රතිවිපාක රැසකට මුහුණදීමට සිදුවන බව අවධාරණය විය.

වජිර ලියනගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division