Home » වැස්ස ඉදිරියටත්

වැස්ස ඉදිරියටත්

by Mahesh Lakehouse
October 7, 2023 12:38 am 0 comment

නිරිතදිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ මේ දිනවල පවතින වැසි තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සිළුමිණට පැවසීය.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට

වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව හෙළි කළ හෙතෙම ඉදිරියේදී අන්තර්මෝසම සක්‍රිය වන බැවින් ඉදිරි දින කිහිපයේදී අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේදී වැසි ඇතිවීමේ වැඩි නැඹුරුවක් තිබුණත් උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් අපේක්ෂා කළ හැකි බව සඳහන් කළේය.

ඉකුත් සති කිහිපය තුළ දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල අඛණ්ඩව වර්ෂාව පැවති හෙයින් පස බුරුල් වීම හේතුවෙන් කඳු, ගස් සහ පස් කඩාවැටීම්වලින් සිදුවන අනතුරුවලින් ආරක්ෂා වන වන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක වැඩිදුරටත් සිළුමිණට කියා සිටියේය.

සුරේකා නිල්මිණි

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division