Home » අලුත් වූ Honor නිෂ්පාදන සිංගර් හඳුන්වා දෙයි

අලුත් වූ Honor නිෂ්පාදන සිංගර් හඳුන්වා දෙයි

by Mahesh Lakehouse
October 7, 2023 12:30 am 0 comment

ලෝ ප්‍රකට Honor ස්මාර්ට් ජංගම දුරකතන ශ්‍රී ලංකාව තුළ ගෙන්වා බෙදා හරින්නා වන සිංගර් සමාගම, නවතම තාක්ෂණයෙන් සමන්විත Honor නිෂ්පාදන පෙළක් හඳුන්වා දීමට කටයුතු කර ඇත.

චීනයේ අංක 1 ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමය වන Honor දැරිය හැකි මිලට මෙරට පාරිභෝගිකයින් අතට පත් කරන නවතම Honor 90 නිෂ්පාදන පෙළ පසුගිය දා නිල වශයෙන් ශ්‍රී ලාංකේය වෙළෙඳ පොළ වෙත නිකුත් කෙරිණි. රුපියල් 149.999/-ක ආරම්භක මිලකට ලබා දෙන Honor 90 ස්මාර්ට් ජංගම දුරකතනය මෙරට ජංගම දුරකතන ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක ආරම්භය ලෙස හඳුන්වා දිය හැකිය.

සිංගර් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන නවතම Honor 90 ස්මාර්ට් ජංගම දුරකතන පෙළ පිළිබඳ ව අදහස් දක්වමින්, ‘quot;Honor 90, Honor 90 Lite, Honor X5, Honor Plus, සහ Honor X6‘ යන නවතම ස්මාර්ට් ජංගම දුරකතන පෙළ ශ්‍රී ලංකාවේ පාරිභෝගික ජනතාව වෙත හඳුන්වා දීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. ඉතා සුවිශේෂීල දැරිය හැකි මිල ගණන් යටතේ හඳුන්වා දෙන Honor 90 නිෂ්පාදන පෙළ, ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාව ඉතා ආදරයෙන් වැළඳ ගනු ඇති බව මම විශ්වාස කරනවා“ යනුවෙන් පැවැසීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division