Home » Hutch TAAI සහ SLAITO සමඟ නව සම්මුතියකට

Hutch TAAI සහ SLAITO සමඟ නව සම්මුතියකට

by Mahesh Lakehouse
October 7, 2023 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ 25 වසරක පුරෝගාමී ජංගම දුරකතන ක්‍රියාකරු වන HUTCH, 67 වැනි ඉන්දියානු සංචාරක නියෝජිතයින්ගේ සම්මේලනයේදී, ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය (SLAITO) සහ ඉන්දියානු සංචාරක නියෝජිත සංගමය (TAAI) සමඟ ඇතිකරගත් හවුල්කාරිත්වය පිළිබඳව පසුගියදා නිවේදනය කරන ලදී. කොළඹදී පැවැත්වුණු මෙම සම්මේලනය සඳහා ඉන්දියානු සංචාරක කර්මාන්තයේ නියෝජිතයින් 500කට අධික පිරිසක් සහභාගී වූහ.

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගෙන් දෙවනුවට වැඩිම පිරිසක් පැමිණෙන රට ඉන්දියාව වන අතර 67 වැනි TAAI සම්මුතිය, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, සංචාරක නියෝජිතයින්, සංචාර මෙහෙයවන්නන් සහ හෝටල් හිමියන්ට නව සම්බන්ධතා ඇති කරගැනීමටත් සහයෝගිතාවය වර්ධනය කර ගැනීමටත් කදිම වේදිකාවක් විය. සංචාරක ව්‍යාපාරය ඇතුළුව සියලුම කර්මාන්ත වෙනුවෙන් කැපවෙන HUTCH ආයතනය, ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ටෙලිකොම් ක්‍රියාකරුවන් රැසක් වන Jio, Airtel සහ Vodafone Idea සමඟ එක්ව දිනකට ඇමරිකානු ඩොලර් 1ක් වැනි අඩු මුදලකට රෝමිං පහසුකම් ලබා දීම මඟින් සංචාරක කාල සීමාව තුළ අනපේක්ෂිත බිල්පත් ගාස්තුවලින් සංචාරකයින් සුරක්ෂිත කරයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් HUTCHහි ප්‍රධාන අලෙවිකරණ නිලධාරි හම්ඩි හසන් පැවසුවේ “67 වැනි TAAI සම්මුතියේදී SLAITO සහ TAAI සමඟ අපගේ හවුල්කාරිත්වයට ලැබුණු අතිමහත් ප්‍රතිචාරය ගැන තමන් සතුටු වන බවයි. රටේ ප්‍රමුඛතම ටෙලිකොම් ක්‍රියාකරුවෙකු ලෙස, දේශීය සහ විදේශීය සංචාරකයින්ට විශිෂ්ටතම ජංගම අත්දැකීමක් ලබා දීමට අප නිරන්තරයෙන් කැපවී සිටිනවා යැයි ඔහු පැවැසීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division