Home » කදිර දිව්‍යරාජ ජයග්‍රාහී පනස්වැනි දින සමරයි

කදිර දිව්‍යරාජ ජයග්‍රාහී පනස්වැනි දින සමරයි

by Mahesh Lakehouse
September 30, 2023 12:30 am 0 comment
අනුෂා රණසිංහ

මෙරට ජනප්‍රවාදයේ එන ප්‍රසිද්ධ දේව කතාවක් වන, ශ්‍රී ස්කන්ධ (කඳ සුරිඳු) සහ වල්ලි මාතාවගේ කතා පුවත පාදක කරගනිමින් ලාංකීය සිනමාවට නැඟූ කදිර දිව්‍යරාජ චිත්‍රපටය මේ වනවිට සාර්ථක දින 50 පසුකර තිබෙනවා. සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්ෂණය කළ “කදිර දිව්‍යරාජ චිත්‍රපටය තිරගත වීම ආරම්භ වුණේ පසුගිය අගෝස්තු 03 වනදා සිටයි. කදිර දිව්‍යරාජ චිත්‍රපටය ලාංකීය සිනමාවට නිෂ්පාදනය කළේ, රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති, ආචාර්ය රවී ලියනගේ මහතා.

දෙවි කෙනෙකුට පෙම් කළ දෙවි කෙනෙකුගේ ප්‍රේමය ලද එකම මනුෂ්‍ය ස්ත්‍රිය ‘වල්ලි’ සහ මනුෂ්‍ය ස්ත්‍රියකගේ ආදරයේ ප්‍රාතිහාර්ය විඳීමට දෙව්ලොවින් මනුලොවට පැමිණි ‘ස්කන්ධගේ’ අපූර්ව ප්‍රේම වෘතාන්තය මෙම චිත්‍රපටය තුළින් ඔබට නැරඹිය හැකි වන අතර සිංහල සිනමාවට නැඟුනු මුල්ම දේව කතාව ඇතුළත් සිනමාපටය වන්නේ ද කදිර දිව්‍යරාජ චිත්‍රපටයයි.

කදිර දිව්‍යරාජ චිත්‍රපටයේ ප්‍රධාන චරිත ද්විත්වය නිරූපණය කරන්නේ භාරතීය නළු නිළියන් වන සමර් විර්මානි (Samar Vermani), සෝනාක්ෂි රාවත් (Sonakshi Rawat) නමැති දකුණු ඉන්දියානු නිළියන්ය. ඔවුන් දෙදෙනාම සම්බන්ධ වන පළමු විදේශීය සිනමාපටය කදිර දිව්‍යරාජ වීමද විශේෂත්වයක්.

සාර්ථක දින 50 පසුකර ලක්ෂ 2000ක වාර්තාගත ආදායමක් සනිටුහන් කරමින් තිරගත මොහොතේ කදිර දිව්‍යරාජ චිත්‍රපටයේ රංගන දායකත්වය ලබා දුන් සමර් විර්මානි සහ සොනක්ෂි සිං රාවත් නැවත ලංකාවට පැමිණ තිබෙනවා. ඒ ශ්‍රී ලාංකීය සිනමාවට සෙත්පතා 2023 සැප්තැම්බර් 29 දින කතරගම කිරිවෙහෙර පුදබිමේදී හා කතරගම දේවාල පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත ආශිර්වාද පූජාවට සහභාගී වීම සඳහායි.

මේ වෙනුවෙන් මාධ්‍යය දැනුම්වත් කිරීමක් පසුගියදා පැවැත්විණ. ඒ සඳහා සහකාර කළමනාකාර – සන්නාම, කවීෂා තියඩෝර්ය, කදිර දිව්‍යරාජ චිත්‍රපටයේ අධ්‍යක්ෂක සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න, කදිර දිව්‍යරාජ චිත්‍රපටයේ නිෂ්පාදක, රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ සහ කළමනාකාර අධ්‍යක්‍ෂක කිෂාන් තියෝඩර් එක්ව සිටියා.

කදිර දිව්‍යරාජ සිනමා කෘතිය සමඟ පාරමිතාවට පෙළගැසෙන්නේ රයිගම්න දෙවැනි 1යි. වසර 75ක් පිරුණු දේශීය චිත්‍රපට කර්මාන්තය මන්දගාමී ගමනක යෙදී සිටි අවස්ථාවක යම් අස්වැසිල්ලක් වෙමින් සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නිර්මාණ කුසලතාවයෙන් බිහිකළ කදිර දිව්‍යරාජ සිනමා සිත්තම දේශීය සිනමා ක්‍ෂේත්‍රයට ආශිර්වාදයක් එක් කරන්නට සමත් වුණු බව මෙම මාධ්‍යය හමුවේදී සිහිපත් කර සිටියා.

එමෙන්ම මෙවැනි විචිත්‍රවත් නිර්මාණ දේශීය වශයෙන් නිර්මාණයවීම ඉතා විරලය. ඊට හේතුව වී ඇත්තේ ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රාග්ධනය හා ආදායම් ඉලක්ක ළඟාකරගැනීමේ ඇති ගැටලුවයි. සැබෑ ශ්‍රී ලාංකීය ව්‍යවසායකයෙකු ලෙස රයිගම් සමූහව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ තම ව්‍යවසායකත්ව ශක්තිය සිනමා කර්මාන්තය වෙත යොමු කරන්නේ සිනමා ක්‍ෂේත්‍රයට නව ජීවයක් එක්කරමිනි. එසේම මෙම සිනමා සිත්තමේ තේමාවට ගැළපෙන“රයිගම් දෙවැනි 1”100% සහල් නූඩ්ල්ස් මහාපාරමිතාවක් ලෙස සම්මාදම් කරගනිමිනි.

දිවයිනපුරා සිනමාහල් 75ක කදිර දිව්‍යරාජ චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ කිරීමත් සමඟම සෑම සති අන්තයකම සියළුම දර්ශන වාර සිනමා ශාලා ප්‍රේක්ෂකයන්ගෙන් පිරීඉතිරී ගියේය.

අති සාර්ථක දින 50 පසු කළ කදිර දිව්‍යරාජ චිත්‍රපටය ශ්‍රී ලංකාවේ සිංහල සිනමාවට සෙත්පතා 2023 සැප්තැම්බර් 29 වන බිනර පොහෝ දිනය පුරා කතරගම කිරිවෙහෙර පුදබිමේදී හා කතරගම දේවාල පරිශ්‍රයේදී ආශිර්වාද පූජාව, කප් රුක් පූජාව, මහසෙන් පූජාව, ධර්ම සාකච්ඡාව, අෂ්ඨඵල බෝධිපූජාව පැවැත්වීමට කදිර දිව්‍යරාජ නිෂ්පාදන කණ්ඩායම කටයුතු සූදානම්කර ඇත. මේ සඳහා රයිගම් බැතියෙන් ජාතියට පිදෙන දේශීය සහලින් නිෂ්පාදනය කරනු ලබන බතට පමණක් දෙවැනි “රයිගම් දෙවැනි 1”, 100% සහල් නූඩ්ල්ස් අනුග්‍රාහකදායකත්වය දක්වයි. මෙම අවස්ථාවට කදිර දිව්‍යරාජ චිත්‍රපටයේ ප්‍රධාන නළු සමර් වර්මානි සහ ප්‍රධාන නිළි සොනක්ෂි සිං රාවත් ඇතුළු ශ්‍රී ලාංකීය සියලුම නළු නිළියන් හා ශිල්පීන් සහභාගී විය.


You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division