Home » ඉන්දීය ශ්‍රී ලංකා මහකොමසාරිස් ඉන්දීය මුදල් ඇමැති හමුවෙයි

ඉන්දීය ශ්‍රී ලංකා මහකොමසාරිස් ඉන්දීය මුදල් ඇමැති හමුවෙයි

by Mahesh Lakehouse
September 30, 2023 12:30 am 0 comment
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ සිය ධුර කාලය අවසන් කිරීමෙන් අනතුරුව ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය එස්. නිර්මලා සීතාරාමන් නවදිල්ලි නුවර පිහිටි මුදල් අමාත්‍යාංශ කාර්යාලයේ දී හමුවූ අවස්ථාව.

සිය රාජකාරි කාලය තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා දුන් සහයෝගය සහ මඟපෙන්වීම පිළිබඳව කෘතඥතාව පළ කළ මොරගොඩයන් පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ පැවැති මූල්‍ය අර්බුදය පාලනය කර ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ඩොලර් බිලියන හතරකට ආසන්න මුදලක් ලබා දීමට ‍ෙපෟද්ගලිකවම මැදිහත්වීම සම්බන්ධයෙන් අමාත්‍යවරිය වෙත නැවත වරක් ස්තූතිය පුද කර සිටියේය.

ශ්‍රී ලංකාවට අවශ්‍යම කර තිබූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම ලබාගැනීම ඉදිරියේ ඉන්දීය රජය ගෙන ඇති නායකත්වය පිළිබඳව ද මහකොමසාරිස් මොරගොඩ අමාත්‍ය සීතාරාමන්ට කෘතඥතාව පුද කළේය. එමඟින් ද්විපාර්ශ්වික සංවර්ධන හවුල්කරුවන් මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු බහුපාර්ශ්වික මූල්‍ය නියෝජිතායතන සමග ශ්‍රී ලංකාවේ ගමන ඉදිරියට ගෙනයාමට මැදිහත්වීම පිළිබඳව ද අමාත්‍ය සීතාරාමන්ට ගෞරවය හිමිවන බව දැක්වීය.

ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කැලණිය රජමහා විහාරයේ බිතු සිතුවම් ඇතුළත් කර ප්‍රකාශයට පත් කළ “උරුමයක අරුමය” කෘතියේ වෙළුම් දෙක මහකොමසාරිස් මොරගොඩ විසින් අමාත්‍ය සීතාරාමන් වෙත පිළිගැන්වූ අතර, එයට ඉන්දියාවෙන් ලැබුණ බුදුදහමේ දායාදය දැක්වෙන බිතුසිතුවම් ද ඇතුළත් වේ. සීතාඑළියේ සීතා අම්මාන් කෝවිල අසලින් ගලා බසින ඇළෙන් ලබාගත් පාෂාණයක් ද ඇමැතිනියට සිහිවටනයක් වශයෙන් පිරිනැමිණි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division