Home » ශ්‍රී ලාංකේය තේ රස බැලීමට ආ චීන දූත පිරිස

ශ්‍රී ලාංකේය තේ රස බැලීමට ආ චීන දූත පිරිස

by Mahesh Lakehouse
September 30, 2023 12:30 am 0 comment

ගෝලීය තේ ආර්ථිකය තුළ දැවැන්තම තේ නිෂ්පාදකයා වන චීන සමූහ ආණ්ඩුවේ Hainan Province හි උප ආණ්ඩුකාර Gu Gang මහතා ප්‍රමුඛ චීන රාජ­්‍යතාන්ත්‍රික දූත පිරිසක් පසුගිය 25 වෙනිදා දකුණේ පිටිගල අතුකෝරළ තේ කර්මාන්තශාලා පරිශ්‍රයට පැමිණියේ ලාංකේය තේ කර්මාන්තයේ සුන්දරත්වය සියසින්ම දැක බලා ගැනීමේ අභිලාෂයෙනි.

අතුකෝරළ සමූහ ව්‍යාපාරයේ සභාපති අනුර අතුකෝරළගේ උණුසුම් පිළිගැනීමෙන් අනතුරුව දූත පිරිස සුන්දර කුරුඳුවත්ත තේ වතුයායත් තේ කර්මාන්තශාලාවෙහි නිෂ්පාදන ක්‍රියාවලියත් නරඹා සංචාරක තේ ප්‍රවර්ධන අලෙවිහලට පිවිස අප රට තුළ නිපදවන සියලුම කලාපවල තේ වර්ගත් විශේෂයෙන්ම අතුකෝරළ තේ කර්මාන්තශාලාව තුළ නානාවිධ ස්වරූපයෙන් නිපදවෙන රුහුණු තේ හා කර්මාන්තශාලාවටම ආවේණිකව නිපදවෙන ශිල්පීය තේ කලාවේ රසයත් අත්විඳින ලදී.

නව මංපෙත් සොයා යන ශ්‍රී ලාංකීය තේ කර්මාන්තයට සුන්දර හෙට දවසකට මං පෙත් විවර කර දෙන්නට මෙම දූත පිරිස එකඟ වූයේ රට තුළ නිපදවෙන තේ එරට වෙළඳපළට ඍජුව අපනයනය කිරීමට උපරිමයෙන් සහයෝගය දක්වන බව ප්‍රකාශ කරමින්ය.

සම්ප්‍රදායක වෙළඳපොළ වෙනුවට මෙවැනි නව වෙළඳපොළ විවෘත වීම තුළින් ඉහළ මිලකට තේ අලෙවි කිරීමෙන් සමස්ත තේ ආර්ථිකයම ශක්තිමත් වන බැවින් තේ ගොවියාගේ අතමිට ද ඒ තුළින් සරු වනු ඇත.

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ හා තේ කොමසාරිස්තුමන් ප්‍රමුඛ තේ මණ්ඩල නිලධාරීන්ද මේ අවස්ථාවට සහභාගී විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division