Home » ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන IMF පැසසුම් ලැබී තිබෙනවා

ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන IMF පැසසුම් ලැබී තිබෙනවා

අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

by Mahesh Lakehouse
September 30, 2023 12:36 am 0 comment

නව ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී මෙරට ජනතාව කටයුතු කරන ආකාරය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට ලක්ව ඇති බවත් එම නිසා දෙවෙනි ණය වාරිකය ලබාදීමට ඔවුන් කඩිනමින් සාකච්ඡා පවත්වනු ඇති බවත් වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි. මෙරට රාජ්‍ය බදු ආදායම සම්බන්ධයෙන්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමුව ඇති බව පෙන්වා දුන් ඇමැතිවරයා පැවසුවේ වර්තමානයේ බදු ගෙවන පිරිසට අමතරව බදු ගෙවිය යුතු සෙසු පිරිස් සම්බන්ධයෙන් මේ වන විට අවධානය යොමු කර ඇති බවයි.

පසුගිය වසරට සාපේක්ෂව මෙරට රාජ්‍ය ආදායම සියයට 43ක වර්ධනයක් පෙන්නුම් කර ඇතැයිද පැවසූ ඇමැතිවරයා දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන බොහෝ දුරට සම්පූර්ණ කර ඇති බවත් 70%ක්ව තිබූ උද්ධමනය අද 1. 3%ක දක්වා පහළ බැස ඇති බවද පෙන්වා දුන්නේය.

උද්ධමනය අඩු වීම රටේ ආර්ථිකයට විශාල ශක්තියක් බවට පත්ව ඇති බවත් පසුගිය වසරේ 30%ත් ඉක්මවා ගිය භාණ්ඩාගාර බිල්පත්වල පොලී අනුපාතය මේ වන විට 13% ක් පමණ දක්වා අඩුව ඇති බවත් එම අඩු වීම මහා භාණ්ඩාගාරයට විශාල ශක්තියක් බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division