Home » ජාතික යෞවන නාට්‍ය උලෙළ 16 සිට

ජාතික යෞවන නාට්‍ය උලෙළ 16 සිට

by Mahesh Lakehouse
September 30, 2023 12:29 am 0 comment

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධානය කරනු ලබන 42 වැනි ජාතික යෞවන නාට්‍ය උලෙළේ අවසන් වටය සඳහා මෙවර සිංහල කෙටි නාට්‍ය 17ක්, දිගු නාට්‍ය 6ක් හා දමිළ කෙටි නාට්‍ය 3 ක් තේරී ඇති අතර, ඔක්තෝම්බර් 16 දා දක්වා දිනපතා ප.ව. 6.00ට, කොළඹ එල්ෆින්ස්ටන් රඟහලේදී පැවැත්වේ.

ඔක්තෝම්බර් 16දා චතුර ජයවර්ධනගේ Listen to me, ගයාන් සඳ කැලුම්ගේ “කළුවර රැගුමක්”, පූර්ණජිත් අනුරාධගේ “තුං තුඹ මල්” , හසින්ත මධුමල්ගේ “ඒක ඉස්සර කතාවක්” යන කෙටි නාට්‍යද, 17දා ඩිල්ෂාන් තිලංකගේ “ටික් ටික්” බාස්කර් ක්‍රිෂාන්තගේ “පංචාලි” තිළිණි ජයමාලිගේ “විජය භූමි”, සුමුදු මධුෂාන්ගේ “සුහුරු කිස” යන කෙටි නාට්‍ය ද, 18 දා නදුනි ධනංජිගේ “රතුපාට මල්” , සුරේෂ් මධුෂාන්ගේ “mr ගජනායක”, එස් ක්ලින්ටන්ගේ “මනිදි” (දමිළ), දමිත් ශ්‍රී ග්‍රේෂන්ගේ “ගමනක් යං” යන කෙටි නාට්‍ය ද, 19දා දේදුනු සංගීතාගේ “බයිලා ගහන දවසක්”, චතුරංග පෙරේරාගේ ” Let’s Marry”, කේ. චන්ද්‍රමේගන්ගේ “සූනියම්” (දමිළ”, කසුන් මධුෂංකගේ “මං ටොමී හිල්ෆිගර්” 20 දා පැතුම් සඳනුවන්ගේ “පැනලා යං”, පංචාලි විහංගාගේ ” witches”, සචිනි සමෝධි කවිශල්‍යාගේ “ඔරු ඌරුල” (දමිළ), ජිනිදු පද්ම ශ්‍රී බණ්ඩාරගේ “කොම්රේඩ්” යන කෙටි නාට්‍ය ද, 23 දා ජිනිඳු පද්ම ශ්‍රී බණ්ඩාරගේ “හීන අරං පාරේ හිටං දිගු නාට්‍ය ද, 24දා දුලාන් මදුරංග වීරසිංහගේ “රැඩිකල් ප්‍රේමය” දිගු නාට්‍ය ද, 25දා “මං ඇතුලේ ඝාතකයෙක්” දිගු නාට්‍ය ද, 26දා දිලාන් නවිදු ගුණහේරත්ගේ ” ඩෙසිඩෙරාටා ආශාවේ වස්තුව” දිගු නාට්‍ය ද, 30දා මොහොමඩ් රාෆිගේ “කවි කාරයා” දිගු නාට්‍ය ද, 31දා සුරේෂ් මධුෂාන්ගේ “සක්වළ රිය” දිගු නාට්‍ය ද වේදිකා ගත වේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division