Home » ගුලිගේ පොත් පෙළක නවතම මුද්‍රණ එළිදකී

ගුලිගේ පොත් පෙළක නවතම මුද්‍රණ එළිදකී

by Mahesh Lakehouse
September 30, 2023 12:30 am 0 comment

මෙරට සිිටි කෘතහත්ථ පුවත්පත් කතුවරයකු හා ග්‍රන්ථ කතුවරයකු වූ දිවලකඩ ගුණදාස ලියනගේ සූරීන්ගේ පොත් පෙළක නවතම මුද්‍රණ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී එළිදැක්වීමට කටයුතු යොදා ඇත.

ගුලිගේ ජනප්‍රියතම නවකතා වන දෝන කමලාවතී, තෙවැනි සිල්පදය නොකඩමි, මුළු හදින් මම ඇයට පෙම් කොට සහ බැද්දට මල්වරුසා නව මුද්‍රණ ලෙස එළිදක්වා ඇත. දෝන කමලාවතී කෘතිය මෙරට ගුවන් විදුලියේ ඇතුළත ගැන කියවෙන ආන්දෝලනාත්මක කෘතියක් වන අතර ගුවන්විදුලිය ගැන දැන ගැනීමට ‘දෝන කමලාවතී’ කියවන ලෙසට ගුවන් විදුලි කොමිෂන් වාර්තාවක පවා සඳහන් වී ඇත. තෙවැනි සිල්පදය නොකඩමි නවකතාවට පාදක වන්නේ මෙරට සංඝ සමාජයේ යථාර්ථයයි. මෙරට නවකතා ක්ෂේත්‍රයේ අමරණීය ප්‍රේම කතාව ලෙස සැලකෙන්නේ ගුලිගේ මුළු හදින් මම ඇයට පෙම්කොට නවකතාවයි. බැද්දට මල් වරුසා නවකතාවට පාදක වී ඇත්තේ ගුලි උපන් දිවලකඩ ජනාවාස වූ ආකාරය ගැනයි.

නව මුද්‍රණ ලෙස එළිදකින ගුලිගේ ළමා කෘති හතරකි. ගුලි උගත් හොරණ ශ්‍රීපාලියේ රසවත් බෝඩින් ජීවිතය ගැන කියවෙන මල්ලිගේ විත්ති, බණ්ඩාරවෙල කැළයක අතරමං වී වඳුරන් සමඟ දිවි ගෙවූ ‘සිම්බෝ’ නමැති දරුවා ගැන ඇත්ත කතාවක් වන කාල පැංචා, ගුලිගේ ළමා කෙටිකතා එකතුවක් වන බයිසිමොටෝ එක හා දෙවැනි ලෝක යුද්ධයේදී දරුවකු ලෙස තම දිවලකඩ උපන් ගමේ ගත කළ යුද සමය ගැන කියවෙන මිල්ටේරිකාරයෝ මේ ළමා කෘති පෙළය. ගුවනින් ගිය ගොඩයා කෘතියට පාදක වී ඇත්තේ සත්‍ය කතා පෙළකි. ගුවනින් ගිය ගොඩයා කෘතියේ ‘මහවතුරක මරු ගමනක්’ පරිච්ඡේදය දහවන වසරේ සිංහල අත්පොතට ද ඇතුළත් වූ පසු මෙම කෘතිය වඩාත් පාඨක අවධානයට ලක්විය.

ගුලිගේ මෙම කෘතිවල නවතම මුද්‍රණ මෙන්ම ඩී.බී. ධනපාලගේ විප්ලවය, අම්මේ මං ගිහින් එන්නම්, ලංකාවේ පුවත්පත් මෙල්ල කිරීම ඇතුළු කෘති ගණනාවක්ම කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ J281 සුනෙර ප්‍රකාශකයෝ වෙතින් ලබාගත හැක. වැඩිදුර විමසීමට වජිර ලියනගේ 072 2892726 අමතන්න.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division