Home » පොත් පුවත්

පොත් පුවත්

by Mahesh Lakehouse
September 30, 2023 12:30 am 0 comment

කුල­රත්න ආරි­ය­වං­ශගේ සීතල දිය දෝතක්

කෘතිය – සීතල දිය දෝතක්
කර්තෘ – කුල­රත්න ආරි­ය­වංශ
ප්‍රකා­ශ­නය – සමුද්‍ර වෙත්ත­සිංහ ප්‍රකා­ශන
මිල – රු 600/=
දුර­ක­තන අංකය – 077 7748955

මීට පෙර පිනි­බර මලක් නමින් ගීත සමු­ච්ච­යක් එළි­දක්වා ඇති කර්තෘගේ නව­තම ගීත සමු­ච්චය වන්නේ සීතල දිය දෝතක් කෘති­යයි. ගීත 92 ක එක­තු­වක් වශ­යෙන් ලියැවී ඇති මෙම කෘතිය විවිධ තේමා යටතේ වූ ගීත සමු­දා­යක් ඉදි­රි­පත් කරයි.

සසල ගිර-Trembling Heap

කෘතිය – සසල ගිර – Trembling Heap
කර්තෘ – ගයා­දාස පර­ණ­වි­තාන
ප්‍රකා­ශ­නය – කර්තෘ ප්‍රකා­ශන
මිල- රු 650
දුර­ක­තන අංක – 0112 848333, 0716436520

ගයා­දාස පර­ණ­වි­තා­නගේ සසල ගිර කෘතිය මීතො­ට­මුල්ලේ කුණු කන්ද නාය යෑමේදී සිදුවූ සත්‍ය සිදු­වීම් ආශ්‍ර­යෙන් නිර්මා­ණය වූවකි. කුණු කන්ද පාමුල ජීවත් වූ එයින් යැපුණු තරු­ණ­යින් දෙදෙ­නකුගේ අනු­වේ­ද­නීය කතා­වක් ඇතු­ළත් වූ මෙම කෘතිය ඔහුගේ දෙවැනි නව­ක­තා­වයි.

ගෑනු හිටි­යෙම හිනා­වී­ගෙන කෘතිය – ගෑනු හිටි­යෙම හිනා­වී­ගෙන

කර්තෘ – රසිකා මුහ­න්දි­රම්ගේ
ප්‍රකා­ශ­නය – කඩුල්ල ප්‍රකා­ශන
මිල- රු 500

රුහුණු ජාතික අධ්‍යා­පන පීඨයේ කථි­කා­චා­ර්ය­ව­රි­යක් වන රසිකා මුහ­න්දි­රම්ගේ නව­තම කාව්‍ය සංග්‍ර­හය වන්නේ ගෑනු හිටි­යෙම හිනා­වී­ගෙන යන කෘති­යයි. නිර්භී­තව කිව යුතු දේ නොපැ­කි­ළිව පැව­සීම ඇගේ කාව්‍යන්හී ඇති සුවි­ශේ­ෂි­ත්ව­යකි. ඇය විසින් රචිත බොහෝ කාව්‍ය පන්තීන්හි උප­හා­සා­ත්මක පද­ව­ලින් ගහන අතර ගැඹුරු ව්‍යාංගා­ර්ථ­යන් ඉස්මතු කර­වයි.

ශ්‍රී දෙවොල් දෙවි වරුණ

කෘතිය – ශ්‍රී දෙවොල් දෙවි වරුණ
සම්පා­දක – විම­ල­තුංග ජෝති­රත්න
ප්‍රකා­ශ­නය – සංස්කෘ­තික දෙපා­ර්ත­මේ­න්තුවේ හිටපු සහ­කාර අධ්‍යක්ෂ පෙරු­මා­දුර
මිල- රු 250
දුර­ක­තන අංක – 077 2972176, 091 2268029

ඓති­හා­සික සීනි­ගම දේවා­ලය පිළි­බ­ඳව සෑම තොර­තු­රක් ගැන තමන්ගේ සිතට ගලා එන සොදුරු අද­හස් කවි­යෙන් කියා පෑමට ගත් සාර්ථක උත්සා­හ­යකි. දේවා­ලයේ ඉති­හා­ස­ගත කරුණු, බල මහි­ම­යන්, දෙවි නැම­දීමේ ගාථා ඇතු­ළත් වූ කවි 315 කින් මෙම ග්‍රන්ථය සැදුම් ලද්දකි.

නිර්මලී

කෘතිය – නිර්මලී
(ගිංගඟ අස­බඩ පිපුණු කුසුම)
කර්තෘ – සුග­ත­පාල මැන්දිස්
ප්‍රකා­ශ­නය – ඇස්. ගොඩගේ සහ සහෝ­ද­රයෝ
මිල- රු 1500
දුර­ක­තන අංක – 091 2267079, 071 3746475

1980 දශ­කයේ ආර­ම්භයේ හා අව­සා­නය දක්වා දකුණ වෙළා­ගෙන පැවැති දුර්දාන්ත අඳුරු කාල­ප­රි­ච්ඡේ­දයේ වු පවු­ලක් පසු­බිම් කර­ගෙන රචිත මෙම නව­ක­තාව නිර්මලී නම් කාන්තා­වක් පසු­බිම් කර ගනි­මින් රචනා වූවකි. මීට පෙර ග්‍රන්ථ කිහි­ප­යක් රචනා කර ඇති මෙය කර්තෘගේ නව­තම කෘති­යයි.

Boxer බොක්සර්

කෘතිය – Boxer බොක්සර්
කර්තෘ – ජී. ආර්. නිශ්ශංක
ප්‍රකා­ශ­නය – ආශි­ර්වාද ප්‍රකා­ශන
මිල- රු 650
දුර­ක­තන අංකය – 077 9291789

දෙවැනි ලෝක යුද සමයේ මිත්‍ර පාක්ෂික හමුදා සමඟ විදෙ­ස්ග­තව සංග්‍රා­ම­ය­කට සහ­භාගි වූ ශ්‍රී ලාංකික රණ විරු­වෙ­කුගේ යුද බිමේ පෙම් පුවත සහ ජීවන ගමන ජය ගැනීම පිණිස කළ සංග්‍රා­මයේ සත්‍ය කතාව මින් නිරූ­පි­තය. මීට පෙර කර්තෘ විසින් තවත් කෘති කිහි­ප­යක් රචනා කර ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division