Home » සිතේ තිබෙන අදහස හරියටම ඉටුවේ ද? නිමිත්තක් බලමු

සිතේ තිබෙන අදහස හරියටම ඉටුවේ ද? නිමිත්තක් බලමු

by Mahesh Lakehouse
September 30, 2023 12:30 am 0 comment

– නිමිති ශාස්ත්‍රය ජ්‍යොතිෂයේ වැදගත් අංගයක්
– නිමිති වගුවේ කොටු 36න් 1ක් තෝරාගෙන නිමිත්ත බලන්න.

නිමිති බැලීම වර්තමාන සමාජයේ බොහෝදුරට ඈත්වී තිබේ. නමුත් එදා නිමිති බැලීම ජනප්‍රියව තිබිණි. ඒ නිසාම මෙම නිමිති ශාස්ත්‍ර ක්‍රමය යළි මතු කිරීමේ පියවරක් ලෙස ඉදිරිපත් කරන්නෙමු. නැකත් ශාස්ත්‍රය, හස්ත රේඛා ශාස්ත්‍රය මෙන්ම නිමිති ශාස්ත්‍රය ද ජ්‍යොතිෂයේ වැදගත් විශේෂ අංගයකි. ජීවිතය ඉදිරියට ගෙන යෑමේදී හමුවන විවිධ ප්‍රශ්නවලට මුහුණ දීමට මෙම නිමිති ශාස්ත්‍රය ප්‍රයෝජනවත් වේ.

යම් දෙයක් දැන ගැනීමට කැමැති නම් පහත සඳහන් කොටු 36න් එක් ඉලක්කමක් තෝරාගෙන එහි ප්‍රතිඵලය කුමක් දැයි දැනගත හැක. නිමිති ඇල්ලීමට පෙර ඉලක්කම් 36ට අදාළ ප්‍රතිඵල බැලීමෙන් වළකින්න. මෙහිදී අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් ඇත.

1. දවල් 12ට පෙර නිමිත්ත බැලීමට
තෝරා ගන්න.
2. තම ආගම සිහිකරන්න.
3. ඉෂ්ට දෙවියන් සිහිකරගන්න.
4. එක් කරුණක් පමණක් සිතන්න.
5. කොටුව තුළ ඇති කැමති අංකයකට දකුණු අතේ දඹර ඇඟිල්ල තියන්න.
6. ප්‍රතිඵල සටහන තමන් විසින් බලන්න.
කලින් ප්‍රතිඵල බැලීමෙන් වළකින්න.
7. නැවත තමන් නිමිත්ත අල්ලන්නේ නම්
සති 2ක් යනතුරු ඉවසන්න.

ප්‍රතිඵල සටහන

1. අංක 11 – ඔබ සිතු අදහස සර්වප්‍රකාරයෙන් ඉටු වේ.
2. අංක 12 – කටයුතු ප්‍රමාද වේ. ළඟදී මුදල් ලැබෙන්නේ නැත.
3. අංක 13 – උත්සාහය ජය ගනියි. සැප සම්පත් ලබා දෙයි.
4. අංක 14 – බලාපොරොත්තු ඉටු නොවේ.
දුක් කරදර ඇති වේ.
5. අංක 17 – තමා සතු දෙයක් අන් සතු වෙයි.
නැවත ඒ ගැන සිතීමෙන් පලක් නැත.
6. අංක 18 – අදහස ඉටු නොවේ.
නින්දා අපහාස විඳීමට සිදු වේ.
7. අංක 19 – පසුතැවිලි වේ.
අන් අයගෙන් දොස් ඇසීමට ඉඩ තිබේ.
8. අංක 21 – කාරණාව අත්හරින්න. විපත් සිදු වේ.
9. අංක 25 – සිතු කාරණාව ඉෂ්ට වේ. නම්බුනාම ලැබේ.
10. අංක 27 – උත්සාහය තරමට ප්‍රතිඵල ප්‍රමාද වේ.
11. අංක 28 – ජය හිමිවේ. ඉටුවන දිනය වැඩි ඈතක නැත.
12. අංක 29 – කරදර බාධා ගෙන දෙයි.
13. අංක 32 – අදහස් ඉටු නොවේ.
14. අංක 33 – සුබ පල දෙයි. අන් අයගේ උදවු උපකාර ලැබේ.
15. අංක 34 – කටයුතු අවුල් වේ. සෝ තැවුල් ඇති වේ.
16. අංක 36 – සිතූ දේ හරි යයි. නැති වූ දෙය නැවත ලැබේ.
17. අංක 37 – අදහස් ඉටු වෙයි. සුබ පල තිබේ.
18. අංක 39 – ප්‍රමාද වී සිතන කරුණ ඉෂ්ට වෙයි.
19. අංක 41 – චිත්ත පීඩා ඇති වෙයි. සතුරන්ගෙන් කරදර ගෙන දෙයි.
20. අංක 42 – ජය ලබයි. අලුත් වැඩකට අග ගසයි.
21. අංක 43 – සිතු කාරණාව ඉටු වේ.
22. අංක 45 – සතුරන් පරදා තමාට ජය ලැබේ.
23. අංක 46 – පරාජය උරුම වේ.
24. අංක 52 – සුබ පල නැත. සතුරන්ගෙන් කරදර ඇති වේ.
25. අංක 53 – සිතූ අදහස වැඩිකල් නොගොස් ඉෂ්ට වේ.
26. අංක 54 – බලාපොරොත්තු හා උත්සාහය බිඳ වැටෙයි.
27. අංක 56 – මිතුරන් අමනාප වෙයි. දුක් වේදනා ගෙන දෙයි.
28. අංක 58 – සිතූ දේ හරි යයි.
29. අංක 60 – ජය ලබයි. අවශ්‍ය දේ ලබා ගනියි.
30. අංක 61 – අදහස ඉටු වේ.
හිතේ සතුට ගෙනෙන කරුණු මතු වේ.
31. අංක 64 – සුබ පල ගෙන දෙයි. යහපත උදා වේ.
32. අංක 72 – සුබ පල නැත. විපත් ගෙන දෙයි.
33. අංක 80 – වාසනාව ගෙන දෙයි. ණයට දුන් මුදල් ආපසු ලැබේ.
34. අංක 81 – ලාභ ලැබේ. අදහස් ඉටු වෙයි.
35. අංක 84 – සිතූ දේ බිඳ වැටෙයි.
36. අංක 96 – සිතු කාරණාව ප්‍රමාද වේ.

නිමිත්ත ඇල්ලීමේදී බොහෝ කරුණු සිතේ තබාගෙන ඇල්ලීමෙන් නියම ප්‍රතිඵලය නොලැබේ. හඳහනේ පෙන්වන ඉෂ්ට දෙවියන් නිමිත්ත අල්ලන වේලාවට සිහිකිරීම අනිවාර්යයෙන් ම සිදු විය යුතුය. නිමිත්තේ වැඩි විස්තර බැලීමට අවශ්‍ය නම් උගත් ජ්‍යොතිර්වේදියෙකු ලවා තත්කාල හඳහනක් සාදා බැලීමෙන් හෝ ක්‍රිෂ්ණමූර්ති ක්‍රමයට තත්කාල හඳහනක් සාදා බැලීමෙන් දැනගත හැක.

ජ්‍යොතීර්වේදී ග.මු. සුබසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division