Home » දරුවන්ට විභාග ජය ගෙනෙන ජ්‍යොතිෂ මඟ පෙන්වීම

දරුවන්ට විභාග ජය ගෙනෙන ජ්‍යොතිෂ මඟ පෙන්වීම

by Mahesh Lakehouse
September 30, 2023 12:30 am 0 comment

– ජන්ම පත්‍රයේ ග්‍රහ යුද්ධයක් නම් දරුවා වෙනුවෙන් කළ යුතු වත්පිළිවෙත්
– විභාගයට යන විට බුධ – ගුරු නැකතින් පිටත්වීම සුදුසුයි

දැනුම නොමැතිනම් විභාගවලදී දරුවෝ අසමත් වේ. නමුත් බොහෝ දැනුම තිබුණ ද වාර විභාගවලදී ඉහළ ලකුණු ගත්තද අපොස සා.පෙළ, උසස් පෙළ වැනි තරගකාරී විභාගවලදී දරුවන් අසමත් වනවානම් මවුපියන් වශයෙන් මේ ගැන ඉතා ගැඹුරින් සිතා බැලිය යුතුමය. අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ බුධ හා බ්‍රහස්පති ග්‍රහයන් ගැන නොදන්නා දෙයක් මම ඔබට පහදා දෙමි. ඒ ඔබේ දරුවන්ට ඉදිරියේ විභාග කීපයක්ම ඇති හෙයිනි.

සෞරග්‍රහ මණ්ඩලයේ බුධ යනු පුංචි සෞම්‍ය තරුවකි. පොළොවට වඩා කිට්ටුය. සූර්යයාටද කිට්ටුය. ඒ නිසාම සුර්යයා සේ ඉතා ප්‍රබලව කඩනමින් ප්‍රතිඵල දෙයි. දහවල් රාත්‍රී කියා වෙනසක් නැත. මේ බුධ ග්‍රහයා බුද්ධියට ප්‍රධානියා පෙර භවයන්වලින්, පෙර ආත්මවලින් ලත් දැනුම මේ භවයට ගෙනැවිත් ප්‍රතිඵල දී දිනවීමට දක්ෂය. බ්‍රහස්පති ග්‍රහයා ගැන ‘ශිල්පයට අධිපතියා‘ ‘ශිල්ප නිර්දේශය ධාරණයට’ බලවතා බුද්ධියට නොවුණත් ශිල්පයට අධිපතියා ඒ බ්‍රහස්පති යහපත්ව හිටියොත් පමණි.

දරුවන් අපට වස්තුවක් පමණක් නොව ලෝකයටම සම්පතකි. මේ අය ගැන මවුපියන් වන අපි ඉතාම කිට්ටුවෙන් සිටිය යුතුය. එලෙස සිටියහොත් හැම දෙනාටම නියම ආකාරයට හදා ගැනීමට හැකි බව මගේ මතයයි. සෑම දරුවෙක්ම දොස්තරවරු හෝ ඉංජිනේරුවරු කළ යුතු නැත. ඒ මතය පැවැතියේ අතීතයේය. දරුවා ළඟ තිබෙන නියම දැනුම එළියට ගැනීමට ක්‍රම පවතී. ඒ ගැන මවුපියො දැනගත යුතුය. ඉගෙනීමේ බලවත්කම, ඕනෑකම ඒ දරුවන්ගේ යටි මනසට යැවිය යුතුය. 10 – 11- 12 ශ්‍රේණිවල ඇතැම් දරුවො ඉගෙන ගන්නා විට විභාගවලට පෙනී සිටින විට හොඳට ඉගෙන ගනී. හැබැයි විභාගවලට ගිය විට අසමත් වේ. ඊට හේතුව මවුපියො සොයා බැලුවා ද? අමතර පන්ති යැව්වේය. මුදල් වැය කළේය. විභාගය කිට්ටු වුණාම බෝධි පූජා පැවැත්වීය. එහෙත් නිකමට හෝ සිය දියණියගේ පුතාගේ ග්‍රහචාරය පරීක්ෂා කළාද? නිකමට හෝ බුධ ග්‍රහයා, බ්‍රහස්පති ග්‍රහයා ගැන එලෙස පරීක්ෂා කළානම් දරුවන්ටත් අමතර ශක්තියක් එනවා නොවේ ද?

දරුවන් විභාගවලින් සමත් කරවන්ට ජ්‍යොතිෂ ශාස්ත්‍රයෙන් කළ හැකි යමක් සඳහන් කරන්නෙමි. ඕනෑම දරුවෙකු විභාගවලින් සමත් කරන්නට “බුධ” ග්‍රහයාට හැකියාව ඇත. බුධ යටි මනසට අධිපතියා වේ. පසුව ‘හරි පිළිතුර’ මතක් කරල දෙන්නේ එයා. බුධ බුද්ධියටත්, ගුරු ශිල්පයටත් අධිපති කිව්වනේ. දෙන්නාම හොඳ ග්‍රහයෝ වෙන වෙනම ගත්තාම. නමුත් එකට පැමිණියහොත් යෝග වුවහොත් ගැටුම්. කේන්දරයක 2 හා 7 රාශි වැනි ධනස්ථානය හා විවාහකස්ථානය වෙන වෙනම ගත් විට හොඳය. එක්ව යෝග වුවහොත් මරණය පවා ඇති කරයි. එසේම බුධ – ගුරු සුබවාදී ධනාත්මක ග්‍රහයෝ විභාගයට පෙනී සිටින දරුවෙකුට මේ දෙදෙනා මහ දසා, අන්තර් දසා ආවොත් ගැටලු ඇති වනවා. ‘ධන’ , ‘ධන’ ග්‍රහයො එකට සිටියහොත් ඇතිවන ප්‍රතිඵලය නිසා විභාගයට පෙනී සිටින ඕනෑම දරුවෙකුගේ මහ දසාව බ්‍රහස්පති නම් අතුරු දසාව බුධ නම් විභාගයට පිළිතුරු ලියන විට එක පිළිතුරක් බ්‍රහස්පති දෙනවා. නිර්දේශය අනුව එය නිවැරදිය. ඒ වුණාට ඒක ලියැවෙන්නෙ නැහැ. වැරදි එකක් ලියැවේ. විභාග ශාලාවෙන් පිටතට පැමිණි විට එය වැටහුණත් ප්‍රමාදය. දරුවාගේ මහ දසාව බුධට ගිහිල්ල, අතුරු දසාව බ්‍රහස්පති නම් නිර්දේශයේ තිබෙන පිළිතුරු අබිබවා බුද්ධියෙන් පිළිතුරක් දෙයි. ඒක ලිව්වාම ඒක වරදිනවා. මේ වගේ සිදුවීම් දරුවට වැටහෙන්නෙ ප්‍රතිඵල ආපු දිනයටයි. මේවා “ග්‍රහ යුද්ධ” කියල තමයි පරණ ජ්‍යොතිර්වේදීන් කියන්නෙ.

බොහෝ විට මෙලෙස සිදුවන්නේ බලාපොරොත්තු පොදි බැඳගෙන සිටිනා දරුවන්ටමය. මේ විදියේ “ග්‍රහ යුද්ධ”වලදී දරුවන්ට කිරීමට දෙයක් නැත. ඔවුන් අසරණය. දරුවනි, මනස වට්ටවා ගන්ට එපා. මෙවැනි ගැටලුවලට දරුවාගේ ජන්ම පත්‍රය පරීක්ෂා කරල “ස්කෝන් නවනාථය” යන්ත්‍රය තඹ තහඩුවේ ලියා රන් ආලේප කර නිවැරදිව මතුරා පලඳවන්න. හරියටම හරි මේවා කරලා අත්හදා බලමු. තවත් කරුණක් කියන්නම ඕනෑය. නිකං යන්ත්‍ර නොපලඳින්න. තත්කාල කේන්දරයේ බුධ – ගුරු අතර සංකූලත්වයක් තිබේනම් පමණක් දමන්න. විභාගයට යනවිට බුධ – හෝ ගුරුට අයිති නැකතකින් පිටව යන්න.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී මීපේ ගණිතගේ රන්ජින් විද්‍යාරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division