Home » හේලීස් වැවිලි සමාගමේ පළමු කාබන්-ශුන්‍ය ජාත්‍යන්තර තිරසර සමුළුව සාර්ථකයි

හේලීස් වැවිලි සමාගමේ පළමු කාබන්-ශුන්‍ය ජාත්‍යන්තර තිරසර සමුළුව සාර්ථකයි

by gayana
September 30, 2023 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය කළමනාකරණය කිරීමේ ප්‍රමුඛයන් වන හේලීස් වැවිලි සමාගම BMICH හි පැවති ලොව ප්‍රථම කාබන් ශුන්‍ය ජාත්‍යන්තර වැවිලි තිරසර සමුළුව (IPSS) සාර්ථකව අවසන් විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාව සහ ලොව පුරා වැවිලි, කෘෂිකර්මය සහ තිරසරභාවය පිළිබඳ විශේෂඥයින් එක් විය. ඔවුන් ඉදිරි දශකය තුළ කර්මාන්තය සැලකිය යුතු ලෙස පරිවර්තනය කළ හැකි කෘෂි විද්‍යාත්මක කළමනාකරණය සහ මානව සම්පත් පිළිබඳ නව හොඳම භාවිතයන් සහ නව්‍ය අදහස් බෙදා ගත්හ.

සමුළුවේදී ප්‍රධාන ආරාධිත අමුත්තා වූ හේලීස් සමූහ ව්‍යාපාරයේ සභාපති සහ ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ සහභාගි වූ කථිකයන්ට සහ විද්වත් මණ්ඩලයට ස්තුතිය පුද කළේය. ආර්ථිකයට පමණක් නොව ජන ජීවිතය නඟා සිටුවීමට සහ රටේ ස්වාභාවික සම්පත් සංරක්ෂණයට ද වැවිලි කර්මාන්තය කෙතරම් අත්‍යවශ්‍යද යන්න ඔහු අවධාරණය කළේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division