Home » Sinopec ශ්‍රී ලංකාව තුළ ඉන්ධන සැපයුම ශක්තිමත් කරයි

Sinopec ශ්‍රී ලංකාව තුළ ඉන්ධන සැපයුම ශක්තිමත් කරයි

by gayana
September 30, 2023 12:30 am 0 comment

Sinopec විසින් ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළෙඳපොළ වෙත සිය නිල ප්‍රවේශය 2023 සැප්තැම්බර් 25 වන දින කොළඹ දී දේශීය බෙදා හැරීමේ නියෝජිතයින් වෙනුවෙන් පැවති උත්සවයක දී නිවේදනය කරනු ලැබිණි. මෙම සුවිශේෂී අවස්ථාවේ දී ම Sinopec වෙතින් ශ්‍රී ලංකාවේ ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන සැපයීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම ද සනිටුහන් විය. මෙහි දී Sinopec විසින් ශ්‍රී ලංකාව වෙත උපරිම ප්‍රතිලාභ ලැබෙන අයුරින් ක්‍රියාත්මක වන බවටත්, ස්ථාවර මෙන් ම අඛණ්ඩ ඉන්ධන සැපයුමක් ස්ථාපනය කරන බවටත්, තත්ත්වයෙන් උසස් තෙල් නිෂ්පාදන සපයන බවටත්, සිය බෙදා හැරීමේ නියෝජිතයින් සමඟ එක් ව මෙරට ආර්ථික සංවර්ධනය හා බලශක්ති ස්ථාවරත්වය වෙනුවෙන් උපරිම දායකත්වයක් ලබා දෙන බවටත් අවධාරණය කෙරිණි.

ශ්‍රී ලංකා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමඟ අත්සන් කෙරුණු ගිවිසුම ප්‍රකාර ව, මෙරට ක්‍රියාත්මක ඉන්ධන පිරවුම්හල් 150ක් වෙත ඉන්ධන සැපයීමේ බලය Sinopec සමාගමට හිමි වන අතර, ඊට අමතරව පිරවුම්හල් 50ක් සඳහා ආයෝජනය කිරීම වෙනුවෙන් වසර 20ක බලපත්‍රයක් ද එම සමාගමට හිමි වී ඇත. එමෙන් ම ශ්‍රී ලාංකික ජනතාව සවිබල ගැන්වීම වෙනුවෙන් දේශීය බෙදාහැරීමේ ක්‍රියාවලිය, ගබඩා පහසුකම් සහ ඉන්ධන අලෙවි කිරීමේ සමස්ත ක්‍රියාවලිය අඛණ්ඩ ව වැඩිදියුණු කිරීම Sinopec සමාගමේ අරමුණයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division