Home » ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් විුත් රථ සඳහා සුවිශේෂී රක්ෂණාවරණයක්

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් විුත් රථ සඳහා සුවිශේෂී රක්ෂණාවරණයක්

by gayana
September 30, 2023 12:30 am 0 comment

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෑතකදී Auto Capital Investment Private Limited (ACIPL) සමඟ උපායමාර්ගික සහයෝගිතාවකට එළඹුණි. මෙම හවුල්කාරිත්වයේ ප්‍රධාන අරමුණ වනුයේ ACIPL විසින් ආනයනය කරනු ලබන නවතම විදුලියෙන් ධාවනය වන වාහන සඳහා වසර 5ක වගකීම් ආවරණයක් සමඟින් සුවිශේෂී මෝටර් රථ රක්ෂණ ආවරණයක් ලබා දීමයි.

මෙම අවබෝධතා ගිවිසුමට නිල වශයෙන් අත්සන් තැබීම අගෝස්තු 17 වන දින ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප්‍රධාන කාර්යාලයේදී සිදුවිය. මෙම අවස්ථාවට ඔටෝ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් සමාගමෙහි සම නිර්මාතෘ/අධ්‍යක්‍ෂ ප්‍රධාන විධායක නිලධාරී දිලු‍ම් රත්නායක සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නියෝජනය කරමින් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී (සාමාන්‍ය රක්ෂණය) ප්‍රියන්ත පෙරේරා, නියෝජ්‍ය ප්‍රධාන අධිකාරී (හිමිකම්- සාමාන්‍ය රක්‍ෂණ) සරත් ප්‍රනාන්දු , සහකාර සාමාන්‍යාධිකාරී (ප්‍රාරක්ෂණ -සාමාන්‍ය රක්ෂණ) නදීරා ගුණවර්ධන, සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි සහ ආයතනික ව්‍යාපාර – සාමාන්‍ය රක්‍ෂණ) මහේෂ් ගමගේ , ජ්‍යෙෂ්ඨ කළමනාකාර (මෝටර් රථ රක්ෂණය) වරුණි නෝනිස්, ජ්‍යෙෂ්ඨ කළමනාකරු ප්‍රියන්ත පීරිස් ජ්‍යෙෂ්ඨ සහකාර කළමනාකරු (මෝටර් රථ රක්ෂණය) මහේන් ගුණවර්ධන , ශාඛා කළමණාකරු මියුරු රාජපක්‍ෂ , අලෙවි කළමනාකාරිනි ඉරේහා මැදිවක වෙත්තසිංහ සහ ශාඛා කළමනාකරු දන්ත ද සිල්වා සහභාගි වූහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division